in

එක්දින පිලෙන් නායකයෝ 3 ක් ඉවතට

Sri Lanka cricket team

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ මස 23 වැනිදා සිට බංග්ලාදේශයේ ඩකා නුවරදී පැවැත්වෙන එක්දින තරගාවලියෙන් දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් සහ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ඉවත් කරනු ලැබ ඇත. කණ්ඩායමේ නායකත්වය කුසල් ජනිත් පෙරේරාට පවරා තිබෙන අතර උප නායකයා වශයෙන් කුසල් මෙන්ඩිස් පත්කර තිබේ.

මෑත කාලීන එක්දින තරග වලදී ලකුණු ලබාගැනීමේ ප්‍රවේගය (පන්දු 100 කදී ලබාගන්නා ලකුණු සංඛ්‍යාව) පදනම් කරගනිමින් හිටපු නායකයන් තිදෙනාටම සිය ස්ථාන අහිමි වී තිබේ. ප්‍රවේගකාරී පිතිකරුවකු වන නමුත් ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුට ස්ථානය අහිමිවී ඇත්තේ පිට පිට දෙවැනි වතාවටත් ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණය අසමත් වීම හේතුවෙනි.

Leave a Comment