in

මැතිව්ස් ‘සතුටින්’ I SLC

කොදෙව් කණ්ඩායමට එරෙහිව ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී දඟ පන්දු යවන්නන් ශ්‍රී ලංකා පිල ප්‍රබල ස්ථානයකට රැගෙන ඒමට සමත්ව සිටියි. සමස්ථ තරගයේ මෙතෙක් දැවී ගිය කොදෙව් ඉනිමේ කඩුලු 16 න් කඩුලු 15 ක්ම දවා ගෙන සිටින්නේ දඟ පන්දු යවන්නන්ය. රමේෂ් මෙන්ඩිස් කඩුලු 7 ක්, ප්‍රවීන් ජයවික්‍රම කඩුලු 4 ක්, ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 3 ක් සහ ධනංජය ද සිල්වා එක් කඩුල්ලක් වශයෙන් එම කඩුලු බෙදා ගෙන සිටිති. තවත් හෝරා කීපයකින් ඇරඹෙන පස්වැනි දවසේද එම සංඛ්‍යාව වැඩි කර ගැනීමට කොදෙව් පිලේ තවත් කඩුලු 4 ක් ඉතිරිව තිබේ.

සතුටු දායකම කරුණ වී ඇත්තේ මේ පන්දු යවන්නන් සියලු දෙනාම අවුරුදු 26 ට අඩු වයසේ පසුවීම වේ. තියුණු ලෙසින් දඟ කැවෙන ගාල්ල තණතීරුවේදී තරුණ පන්දු යවන්නන් පන්දු යැවූ ආකාරය පිළිබඳව කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතමයා, ඇන්ජලෝ මැතිව්ස් සතුටිනි.

Leave a Comment