in

‘චන්දි හෙට තරගයට ක්‍රීඩා කරනවා’ — දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා කණ්ඩායම තුළ කඩුලු රකින්නන් සිව් දෙනෙකු ඇතුළත් වුණත් හෙට තරගයේ කඩුලු රැකීමේ කාර්යය නිරෝෂන් දික්වැල්ල විසින් සිදු කරනු ඇත.

කෙසේ වෙතත් නවසීලන්තයට එරෙහි තරගාවලියට ඇතුළත් වුවද එහෙත් ක්‍රීඩා කිරීමට වරම් නොලද දිනේෂ් චන්දිමාල්ට හෙට තරගයේදී ස්ථානයක් වෙන්වී තිබෙන බව දහවල් පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වා සිටි දිමුත් ස්ථීර කර සිටියේය.

“ඇත්තටම චන්දි (දිනේෂ් චන්දිමාල්) හෙට තරගයට ක්‍රීඩා කරනවා. ඔහු කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුල ක්‍රීඩකයින් අතර ඉදිරියෙන්ම ඉන්න ක්‍රීඩකයෙක්. ඒ අත්දැකීම් අපි ප්‍රයෝජනයට ගත යුතුයි,” යැයි සඳහන් කර සිටියේය.

ඒ අනුව චන්දිමාල් ටෙස්ට් තරගයකට පිවිසෙන්නේ ඉකුත් පෙබරවාරි මාසයේ ඔස්ට්‍රේලියාවට එරෙහිව ඉකුත් පෙබරවාරියේ පැවැති ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කිරීමෙන් අනතුරුවය.

Leave a Comment