එළැඹෙන ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගි වනවාද නැද්ද යන්න දෙගිඩියාවෙන් පසුවු ලසිත් මාලිංග ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතන නිලධාරීන් සමග කළ සාකච්ඡුාවකින් පසුව ලෝක කුසලාන සහභාගීත්වය ස්ථිර කර තිබේ. නායකත්වය නොලැබීම තමාට ප‍්‍රශ්නයක් නොවන බව පවසන ලසිත් මාලිංග ප‍්‍රශ්නය ඇත්තේ තමා කණ්ඩායමේ සිටීමෙන් එකමුතුකමට බාධාවක්වේද යන පැනයට පිළිතුර ක‍්‍රිකට් බළධාරීන්ගේ අසා තිබේ. එම ප‍්‍රශ්නය මාලිංග විසින් යොමු කිරීමට ප‍්‍රධානතම හේතුව වන්නේ ඔහු නායකත්වය දරන කාලයේදී සෙසු ක‍්‍රීඩකයන්ගේ සහය මාලිංගට නොලැබුණු බවට ක‍්‍රිකට් ප‍්‍රධානීන් පැවසීමයි.