ඉදිරි පෙළ පිතිකරුවන් 5 දෙනෙකුම ලකුණු 56 ක් ඇතුළත තරග නරඹන්නන් බවට පත්වීම හේතුවෙන් සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (04 දා) පැවැති පළමු විස්සයි-20 තරගයේදී ලකුණු 25 ක පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදුවිය. ඒ අනුව තරග 2 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 1-0 ක් ලෙස සංචාරක කොදෙව් පිල පෙරමුණ ගෙන සිටියි.
කොදෙව් පිල ලබා දුන් ලකුණු 197 ක ඉලක්කය හඹා යෑම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට කිසිදු ඉඩක් ලබා නොදුන් ඔෂේන් තෝමස් ප්‍රමුඛ කොදෙව් පන්දු යවන්නෝ ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 19.1 කදී ලකුණු 171 කට සීමා කළහ. එහිදී කැපී පෙනුණු ඔෂේන් තෝමස් අධිවේගී පන්දුවාර 6 හෙවත් පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දුවාර 6 තුළ ශ්‍රී ලංකා පිතිකරුවන් 5 දෙනෙකුම දවා ගත්තේය…