in

නායකත්වය නැවතත් මැතිව්ස්ට යන හැඩ – දකුණු අප්‍රිකානු තරගාවලියේ පුහුහුකරු රික්සන් හෝ අවිශ්ක?

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය සම්බන්ධයෙන් මේ වන විට උද්ගතවී ඇති ව්‍යාකූල තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පිලේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සහ එක්දින සහ විස්සයි20 කණ්ඩායම් දෙකේ වත්මන් නායක ලසිත් මාලිංග පෙරේදා (30) පස්වරුවේ ක්‍රීඩා අමාත්‍යවරයා මුණගැසුණු බව වාර්තා වේ. ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ආරාධනාවක් අනුව පැවැති මෙම හමු ටොරින්ටන් පිහිටි ක්‍රීඩා අමාත්‍යාංශයේදී සිදුවිය.

මෙහිදී පළමු හමුවීමේ අවස්ථාව මැතිව්ස්ට ලැබුණු අතර එහිදී මැතිව්ස් සහ අමාත්‍යවරයා විනාඩි 30 කට අධික කාලයක සාකච්ඡාවක් පවත්වා තිබේ.

මැතිව්ස්ගේ සාකච්ඡාවෙන් පසුව මාලිංගට ක්‍රීඩා අමාත්‍යවරයා හමුවීමේ අවස්ථාව ලැබී තිබේ.

මැතිව්ස් නැවත නායකත්වයට පත්වුවහොත් කණ්ඩායමේ සමගියක් ඇති විය හැකි බවට ක්‍රීඩකයන් තුළ මතයක් පැවතීම නිසා මැතිව්ස් නැවත නායකත්වයට පත්කිරීමේ උත්සාහයක් පවතින බව ක්‍රිකට් ආරංචි මාර්ගවලින් හෙළිවේ.

ශ්‍රී ලංකා පිලේ මීළඟ තරග සංචාරය වන දකුණු අප්‍රිකානු සංචාරයට ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා සහභාගි නොකිරීමට ද තීරණය කර ඇති බවට නිලනොවන ක්‍රිකට් ආංචිමාර්ග සඳහන් කරයි.

එසේ වුවහොත් තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස පන්දු රැකීමේ පුහුණුකරු ස්ටීවන් රික්සන් හෝ පිතිකරු පුහුණුකරු අවිෂ්ක ගුණවර්ධන යන මහත්වරුන්ගෙන් කෙනෙකු පත්කිරීමේ ඉඩ පවතින බව ද වාර්තා වේ.

Leave a Comment

2 Comments