in

Major 20/20 – දින දෙකයි තරග 22 යි, වාර්තා රැසයි

Major 20/20 - දින දෙකයි තරග 22 යි, වාර්තා රැසයි

පෙබරවාරි 26, 2018

මෙරට දී පැවැත්වෙන ප්‍රමුඛතම පන්දුවාර 20/20 තරගාවලිය වන මේජර් 20/20 තරගාවලියට මෙවර කණ්ඩායම් 23 ක් සහභාගී වේ.

කාණ්ඩ 4 ක් යටතේ පැවැත්වෙන තරගාවලිය පසුගිය සති අන්තයේ දී ආරම්භ වූ අතර, එහිදී වැඩි තරගකාරීත්වයක් දැක්ය නොහැකිවීම විශේෂත්වයක් විය.

ප්‍රධාන පෙළේ ක්‍රීඩා සමාජ පහසු ජයග්‍රහණ වාර්තා කරද්දී, ක්‍රීඩකයන් රැසක් තම නම ඉදිරියට ලකුණු හා කඩුලු එක්කරගැනීමට සමත්විය.

තරග 22 ක තුළ අර්ධ ශතක 19ක් වාර්තා වූ අතර, එහිදී සී සී සී කණ්ඩායමේ දිල්ශාන් මුණවීර ලකුණු 118ක් ලබා ලකුණු ලබා ගන්නන් අතර පෙරමුණේ පසුවෙයි.

කැනඩා ජාතික කණ්ඩායම ද නියෝජනය කළ රුවිඳු ගුණසේකර (සැරසන්ස්) අර්ධ ශතක දෙකක් සමගින් ලකුණු 110 ක් ලබා ලකුණු ලබා ගන්නන් අතර තුන්වැනි ස්ථානයේ පසුවද්දී, දෙවැනි ස්ථානයේ පසුවන්නේ ලකුණු 113 ක් ලබා ඇති සහන් ආරච්චීගේයි (කෝල්ට්ස්)

අවස්ථා දෙකක දී කඩුලු 4 බැගින් බිඳ හෙළු කෝල්ට්ස් ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය (කඩුලු 8) කඩලු ලාභීන් අතර පෙරමුණේ පසුවෙයි.

ටී එම් සම්පත් (බී ආර් සී) කඩුලු 6ක් දවා ගනිමින් දෙවැනි ස්ථානයේ පසුවෙයි.

පන්දුයවන්නන් අතරින් රනේෂ් පෙරේරා (වරාය) හා එරංග රත්නායක (කලුතර) ඉනිමක දී කඩුලු 5 බැගින් දවා ගැනීමට ද සමත් විය.

වැඩිම කඩුලු ලබා ගත්තවුන් අතර, පළමු ක්‍රීඩකයන් 9 දෙනා අතර ජාතික කණ්ඩායමේ එකදු පන්දුයවන්නෙකු හො නොවීම විශේෂත්වයක් වේ.

ජාතික කණ්ඩායමේ ස්ථානයක් අහිමි ලසිත් මාලිංග තරග දෙකක දී කඩුලු 5 ක් දවා ගනිමින් 10 වැන්නා ලෙස කඩුලු ලාභීන්ගේ ලයිස්තුවේ පසුවෙයි.

සෑම කණ්ඩායමක්ම මේවනවිට, තරග දෙක බැගින් ක්‍රීඩා කර ඇති අතර, ඒ ඒ කාණ්ඩවලින් කණ්ඩායම් දෙක බැගින් තමන් ක්‍රීඩා කළ තරග සියල්ල ජයගෙන පෙරමුණේ පසුවෙයි.

තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (27) ආරම්භ වීමට නියමිතය.

© Island Cricket

Leave a Comment