in

LPL තරගාවලිය රසල් ආනෝල්ඩ් ට භාර දෙයි

LPL තරගාවලිය රසල් ආනෝල්ඩ් ට භාර දෙයි

අප්‍රියෙල් 7, 2018

Photo

මෙරට දී පැවැත්වෙන LPL හෙවත් ලාංකික ප්‍රිමියර් ලීග් තරගාවලියේ ප්‍රධානියා ලෙස හිටපු ක්‍රීඩකයෙකු මෙන්ම ප්‍රවීණ විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කරන රසල් ආනල්ඩ් පත් කර තිබේ.

විදෙස් ක්‍රීඩකයන්ගේ ද සහභාගීත්වයෙන් අගෝස්තු මස 18 වැනි දා සිට සැප්තැම්බර් මස 10 වැනි දා දක්වා පැවැත්වෙනු ඇත.

2012 වසරේ දී පැවැති SLPL තරගාවලියෙන් පසුව මෙවැනි තරගාවලියක් මෙරට පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වේ.

තරගාවලි අධ්‍යක්ෂ ලෙස කටයුතු කිරීමට නියමිත රසල් ආනල්ඩ් ගේ සේවය හැකි ඉක්මනින් ලබා ගනිමින් සාර්ථක තරගාවලියක් පැවැත්වීමට අරමුණු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුතරමින් පවසයි.

මෙවන් තරගකාරී තරගාවලියක ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සාර්ථක තරගාවලියක් පැවැත්වීමට උත්සාහ කරන බව රසල් ආනල්ඩ් පවසා තිබේ.

තරගාවලියට සහභාගීවන කණ්ඩායම් සංඛ්‍යාව හා විදෙස් ක්‍රීඩකයන් සම්බන්ධයෙන් මේවනතෙක් නිළ වශයෙන් සඳහන් නොවුනද, මෙවර 2012 ට සාපේක්ෂව ඉහළ සහභාගීත්වයක් ලැබෙනු ඇතැයි වාර්තා වේ.

© Island Cricket

Leave a Comment