in

2017 පිත්ත හැසිරවීමෙන් දික්වැල්ල, දිමුත් හා උපුල් පෙරමුණේ – ලබන වසර කෙසේ වේ ද?

Photo

දෙසැම්බර් 26, 2017

Photo

පසුගිය වසරේ දී, ශ්‍රී ලංකාව වෙනුවෙන්  ටෙස්ට්, එක්දින හා 20-20 තරග 57 ක දී වැඩි ලකුණු ලාභියා ලෙස සටහන් වන්නේ නිරෝෂන් දික්වැල්ලයි. ඔහු එම වසරේ දී තරග 46ක ඉනිම 57ක දී  ලකුණු 1832 රැස් කර ඇත්තේ, ශතක දෙකක් හා අර්ධ ශතක 11 ක් සමගිනි.

ටෙස්ට් තරග 11 ක දී ඉනිම 22ම ක්‍රීඩා රකමින් ලකුණු 773ක් ලබා ඇති දික්වැල්ලගේ සාමාන්‍ය ලකුණු 38.32කි.  ඔහු එක්දින තරග 26 කදී ශතක දෙකක් හා අර්ධ-ශතක හතරක් සමගින් ලකුණු 826 රැස් කර තිබේ. පන්දුවාර 20-20 තරග 9 කදී දික්වැලිල රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව 233කි.

Top scorers for Sri Lanka in all formats for 2017 (Jan 1 to Dec 25)
Photo

පසුගිය වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සමස්තයක් ලෙස එක්දින තරග 29ක් ක්‍රීඩා කර ඇති අතර එම තරග 29ක් වෙනුවෙන් ක්‍රීඩකයන් 36 දෙනෙකු යොදාගෙන තිබීම විශේෂත්වයක් වේ.

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරමින්, කණ්ඩායමක් නිර්මාණය කිරීමේ වගකීම භාරගත් ක්‍රිකට් ආයතනය මේසා විශාල ක්‍රීඩකයන් පිරිසක් යොදාගැනීමෙන්, ඉදිරි වසර දෙක ගැන බලාපොරොත්තු තබා ගත හැකි වේදෝයි සැක සහිතය.

ඉහත තරග 29දී වැඩිම තරග සංඛායවක් ක්‍රීඩා කර ඇත්තේ, තරග 26ක් ක්‍රීඩා කර ඇති දික්වැල්ලයි. නමුත් ඔහුට ද පන්දුවට පහරදීමේ නිශ්චිත ස්ථානයක් සකස් කර දීමට නොහැකි ව තිබේ. ආරම්භක පිතිකරුවෙකු ලෙස සාර්ථක වූ දික්වැල්ල, අවසන් තරග හතරදී ක්‍රීඩා කළේ අංක 5 ක්‍රීඩකයා ලෙසයි.

Top ODI run-scorers for Sri Lanka in 2017
Photo

දික්වැල්ලට අමතරව පසුගිය වසරේ දී වැඩිම ලකුණු රැස්කර ඇත්තේ, ටෙස්ට්, එක්දින හා 20-20 තරග 43ක දී ඉනිම 51 ක් ක්‍රීඩා කරමින් ලකුණු 1612 ක් රැස්කළ උපුල් තරංගයි. තරංග මෙහිදී එක්දින තරග 25කදී ලකුණු 48.14ක සාමාන්‍යයක් සමගින් ලකුණු 1011 රැස්කරගෙන තිබේ.

මෙම වසරේ එක්දින තරග වල වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයන් අතර දෙවැනි ස්ථානය ලකුණු 826ක් රැස් කල දික්වැල්ලට හිමිව ඇති අතර කුසල් මෙන්ඩිස් (587), ඇන්ජලෝ මැතිව්ස් (573) හා ධනුෂ්ක ගුණතිලක (539) සමගින් පිලිවෙලින් තෙවැනි, සිව්වැනි හා පස්වැනි ස්ථානවල පසුවේ.

එක්දින තරගවල හොඳම සාමාන්‍ය රඳවා ගෙන ඇත්තේ තරග 15 කදී 63.66 ක සාමාන්‍යක් පවත්වාගෙන ඇති මැතිව්ස්.

Top Test run-scorers for Sri Lanka in 2017
Photo

ටෙස්ට් තරගවලදී, දිමුත් කරුණාරත්න තරග 13 ක ඉනිම 26 කින් ලකුණු 1031 ක්  ලබා පෙරමුණේ පසුවන අතර දිනේශ් චන්දිමාල් තරග 12 කදී ඉනිම 24 ක් ක්‍රීඩා කර ලකුණු 1003ක් ලබා තිබේ.

ටෙස්ට් තරග වල හොඳම සාමාන්‍ය ලෙස ලකුණු 45.59 ක් රඳවා ගෙන චන්දිමාල් පෙරමුණ ගෙන සිටියි.

දික්වැල්ල (773), මෙන්ඩිස් (669) හා මැතින්ස් (524) ලබා ගෙන තෙවැනි, සිව්වැනි හා පස්වැනි ස්ථාන වල පසුවද්දී ඩිල්රුවන් පෙරේරා හය වැන්නා ලෙස ලකුණු තරග 11 ක දී ලකුණු 514 ක් ලබා ගෙන සිටියි.
 
ශ්‍රී ලංකාව සතුව දක්ෂ පිතිකරන ලයිස්තුවක් සිටිය ද, ඔවුන් යොදා ගන්නා ආකාරය සම්බන්ධයෙන් ගැටලු මතුව තිබේ.

© Island Cricket

Leave a Comment