දෙසැම්බර් 30, 2017
ඉන්දියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියෙන් පසුව ආබාදයක් යැයි පවසා එක්දින සංචිතයෙන් ධනංජය ද සිල්වා ඉවත් කිරීමට ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුව තීරණය කළේය.
නමුත් පසුව වාර්තා වූයේ, ඔහුට බරපතල ආබාදයක් නොවූ බවවේ.
බංග්ලාදේශයේ දී පැවැත්වෙන තුන්කොන් ක්රිකට් තරගාවලිය ඉලක්ක කර නම් කළ 23 දෙනෙකුගෙන් සමන්විත වූ සංචිතයෙන් ද ධනංජය ද සිල්වා ඉවත් කර තිබුණ ද, ඔහුට නැවත කැඳවීමක් ලැබී ඇතැයි වාර්තා වේ.
ඒ අනුව ධනංජය, චන්දික හතුරුසිංහ යටතේ, ක්රියාත්මක පුහුණු කඳවුරට සහභාගීවී ඇත.
කෙසේ වෙතත්, ශ්රී ලංකා කණ්ඩායම මේවනතෙක් මේ සම්බන්ධයෙන් නිළ නිවේදනයක් නිකුත් කර නැත.
© Island Cricket