in

සුපිරි තරු ගොන්නට තවත් තරුවක් ධනංජය

සුපිරි තරු ගොන්නට තවත් තරුවක් ධනංජය

පෙබරවාරි, 1, 2018

බංග්ලාදේංශයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අවසන් වනවිට සිය ගෞරවය රැකගැනමට ශ්‍රී ලංකාවට හැකිවිය.

බංග්ලාදේශය පළමු ඉනිමට රැස්කල දැවැන්ත (513) ලකුණු සංඛ්‍යාව හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස දිමුත් කරුණාරත්න දැවී ගියේ ලකුණු නොලබා සිටියදීය.

ඉන් අනතුරුව කුසල් මෙන්ඩිස් හා එක්වූ ධනංජය ද සිල්වා දෙවැනි කඩුල්ලට නොදැවී එක්කළ සබඳතාව ලකුණු 186 කි.

කුසල් ලකුණු 83 ක් නොදැවී රැස් කරද්දී ධනංජය නොදැවී ලකුණු 104 ක් රැස්කිරීමට සමත්විය.

12 වැනි තරගය ක්‍රීඩා කරන ධනංජය සිව්වැනි ශතකය රැස්කළේ පරිණත ඉනිමක් ප්‍රදර්ශනය කරමිින් වීම කැපී පෙනිණ.

කුසල් මෙන්ඩිස් විිටෙක පන්දු යවන්නන් හමුවේ අසරණ වද්දී ධනංජය සංයමයකින් යුතුව සිය පිතිකරණය දියත් කළේ පන්දු යවන්නන්ට අවස්තාවක් ලබා නොදෙමිනි.

බංග්ලාදේශය සි.දැ. 513
මොනිමුල් හක් 176
මුශ්ෆිකුර් රහීම් 92
මහමදුල්ලා 83*
සුරංග ලක්මාල් 68/3
රංගන හේරත් 150/3

© Island Cricket

Leave a Comment