in

සුපිරි එක්දින තරගාවලියේ දඹුල්ලට එරෙහිව කොළඹ ජය වාර්තා කරයි

Ashan Priyanjan

මැයි 3, 2018

අයහපත් කාලගුණය හෙතුවෙන් එක් පිළකට පන්දුවාර 40 බැගින් වූ තරගයක් ලෙස  දඹුල්ල-කොළඹ කණ්ඩායම් අතර තරගය කොළඹ ආර් ප්‍රේමදාස පිටියේ දී පැවැත්විණ.

තරගයේ පළමුවෙන් පහරදුන් දඹුල්ල කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන් කුසල් ජනිත් පෙරේරා ඉනිමේ වැඩිම ලකුණු රැස්කළ ක්‍රීඩකයා වූයේ ලකුණු 59 ක් පන්දු 40 ක් තුළ රැස්කිරීමත් සමගයි.

ඔහුගේ ඉනිමට හතරේ පහර අටක් හා හයේ පහර දෙකක් ඇතුළත් වීම විශේෂත්වයක් විය.

ඔහු සමගින් ඉනිම ආරම්භ කළ සංගීත් කුරේ ලකුණු 15 කට දැවී ගියේ පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 68 කට සීමා කරමිනි.

කුසල්ට අමතරව අර්ධ ශතක රැස්කිරීමට අශාන් ප්‍රියංජන් හා මිලින්ද සිරිවර්ධන ද සමත්විය‍.

ප්‍රියංජන් හයේ පහර දෙකක් සමගින් පන්දු 51 කින් ලකුණු 50 ක් රැස්කරද් දී, ප්‍රවේගකාරී පිතිහරඹයක් දියත් කරමින් සිරිවර්ධන පන්දු 59 කින් ලකුණු 51 ක් නොදැවී රැස්කළේය.

දඹුල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 40 තුළ කඩුලු 6 ක්ද දැවී ලකුණු 270 ක් රැස් කිරීමට සමත්විය.

කොළඹ කණ්ඩායමේ පන්දු යවන්නන් අතරින් විශ්ව ප්‍රනාන්දු, ඩිල්රුවන් පෙරේරා හා තිසර පෙරේරා කඩුලු දෙක බැගින් දවා ගත්තේය.

පිළිතුරු ඉනිම දියත් කළ කොළඹ කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නොහැකි විය.

ඩිල්රුවන් හා ශෙහාන් ආරම්භක පිතිකරුවන් ලෙස පැමිණීම විශේෂත්වයක් වුවද ලකුණු 31 ක් තුළ ඔවුන් දෙදෙනාම දැවී ගියේය.

ඉනිමේ නැංගුරම වූ ලහිරු තිරිමාන්න පන්දු 99 කින් නොදැවී ලකුණු 107 ක් රැස්කළේය.

ධනංජය ද සිල්වා ලකුණු 41 යි. ඔවුන් දෙදෙනා තුන්වැනි කඩුල්ලට ලකුණු 69 ක සබඳතාවක් ගොඩ නැගීය.

ඉනිමේ 39 පන්දුවාරය අවසන් වන විට නැවත කාළගුණයෙන් බලපෑම් එල්ලවන විට කොළඹ කණ්ඩායම කඩුලු 6 ක්දැවී ලකුණු 262 ක් රැස්කර සිටීම හේතුවෙන් ඩක්වත් හා ලුවිස් න්‍යායට අනුව ජය හිමි කරගත්තේය.

ඔවුන් ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්ව සිටීයි.

© Island Cricket

Leave a Comment