in

සංගාගෙන් නැවත සුපිරි ඉනිමක්

සංගාගෙන් නැවත සුපිරි ඉනිමක්

පෙබරවාරි 23, 2018

ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර නැවතත් පිත්තෙන් දක්ෂතා දැක්වූ අවස්ථාවක් වාර්තාවේ.

පකිස්තාන ප්‍රිමියර් ලීග් 20/20 තරගාවලිය ආරම්භ කරමින් පැවැති තරගයක දී, මුල්ටන් සුල්තාන් කණ්ඩාම නියෝජනය කරමින් අර්ධ ශතකයක් වාර්තා කරමිනි.

පේෂාවර් ස(z)ල්මී කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේ දී කුමාර් සංගක්කාර පන්දු 51 කින් ලකුණු 57 ක් රැස්කරමින් තරගයේ වීරයා ලෙසද සම්මාන හිමිකරගැනීමට සමත්විය.

තරගයේ පළමුවෙන් පන්දුවාර පහරදුන් පේෂාවර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 151 න් රැස්කළ අතර සංගක්කාර නියෝජනය කළ මුල්ටන් සුල්තාන් කණ්ඩායම කඩුලු 3ක් දැවී නියමිත ඉලක්කය පසුකළේය.

2014 වසරේ දී ජාත්‍යන්තර පන්දුවාර 20/20 පිටියට සමුදුන් සංගක්කාර එතැන් පටන් මේවනතෙක් දේශීය තරග බිමේ පන්දුවාර 20/20 පිටියේ දක්ෂතා දැක්වීමට සමත්ව සිටියි.

© Island Cricket

Leave a Comment