in

ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්තා අලුත් කළ අවාසනාවන්ත 2017

65187m.png

දෙසැම්බර් 26, 2017

Photo

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ අවාසනාවන්තම වසර ලෙස 2017 වසර හැඳින්විය හැකිය. ශ්‍රී ලංකාව මෙම වසරේ ජනවාරි 1 වැනි දා සිට 25 වැනි දා දක්වා ටෙස්ට්, එක්දින හා 20-20 තරග 57 කට සහභාගීවී ඉන් තරග 40 ක් පරාජය වී තිබේ.

එය ශ්‍රී ලංකා කණ්ඩායමක් ඉතිහාසයේ වසරක ලැබූ වැඩිම තර පරාජයන් ලෙස වාර්තා අතරට එක්විය.

ශ්‍රී ලංකාව මෙම වසරේ දී, ටෙස්ට් තරග 13 ක්  දී ක්‍රීඩා කර එහි දී තරග 7 ක් පරාජය වද්දී ජයගැනීමට සමත් වූයේ තරග 4 ක් පමණි.

පකිස්තානයට එරෙහිව තරග දෙකක් ජයගත් ශ්‍රී ලංකාව සිම්බාබ්වේ හා බංග්ලාදේශයට එරෙහිව එක් තරගය බැගින් ජය ගැනීමට සමත්විය.

Photo

එක්දින තරග වලදී ශ්‍රී ලංකාව සහභාගීවූ තරග 29 න් ජය ගෙන ඇත්තේ තරග 5 ක් පමණි. තරග 23 ක් පරාජය වීමෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ දැඩි පසුබෑම මැනවින් දැකගත හැකි ය.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගීවූ එක්දින තරග 29 න් තරග 16 කදී පන්දුවාර 50 හෝ ක්‍රීඩා කිරීමට සමත්ව නැත.

ඔවුන් ඉනිම 9 ක දී පන්දුවාර 50 ම ක්‍රීඩා කර තිබෙන අතර, ඉලක්කය හඹායමින් තරග 4 ක් ජයගෙන තිබේ.

පන්දුවාර 20- 20 තරග වලදී ශ්‍රී ලංකා කණ්ඩායම තමන් ක්‍රීඩා කළ තරග 15 න් තරග 10 ක් පරාජය වද්දී, ජය ගෙන ඇත්තේ තරග 5 ක් පමණි.

ඊට දකුණු අප්‍රිකාව හා ඔස්ට්‍රේලියාවට එරෙහිව ලද තරගාවලි ජයග්‍රහණ දෙක ද ඇතුළත් වේ.

ශ්‍රී ලංකාව සතුව දක්ෂ ක්‍රීඩකයන් රැසක් සිටිය ද, ඉදිරි වසරට පියනැගීමේ දී සිතිය යුතු කරුණු බොහෝ ඉතිරිව තිබේ.

© Island Cricket

Leave a Comment