in

ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් මාව විසි කළේ තේරීම් කමිටුව – ලසිත් මාලිංග

ලසිත් මාලිංග

අප්‍රේල් 22, 2018

Photo

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරිමේ අවස්ථාව තමන්ට අහිමි වූයේ ජාතික තේරීම් කමිටුවේ වැරදි තීරණ හේතුවෙන් බව ලසිත් මාංලිග ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරමින් පැවසීය.

වෙනත් තේරීම් කමිටු ක්‍රීඩකයන්ට තරග කිහිපයක් ලබා දෙමින් කණ්ඩායම් තෝරද්දී, තමන්ව ඉවත් කරමින් නව තේරීම් කමිටුව පත්වූ බව ලසිත් පවසයි.

2017 වසරේ පන්දුවාර 20-20 තරග වල වැඩිම කඩුලු ලාභියාවූ මාලිංගට මෙම වසර ආරම්භ වූවාත් සමග ජාතික පිළේ ඉඩ ඇහිරින.

මුලදී ඔහුව විවේක ගැන්වූ බව පැවසුව ද පසුව කණ්ඩායමෙන් හිතා මතා ඉවත්කර තිබූ බව නොරහසකි.

මේවන විට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ විශේෂ උපදේශකයෙකු ලෙස ක්‍රියා කරන මාලිංග එළඹෙන ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා ක්‍රිකට් තරගාවලියට නැවත ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුවෙන් පසුවන බව ද පවසයි.

කියවන්න: ක්‍රිකට් කඩා වැටීමට කළමනාකරණ දුර්වලතා හා දේශපාලනය වග කිව යුතුයි – මුරලිදරන්

පසුගිය දා අවසන් වූ අන්තර් සමාජ 20-20 ක්‍රිකට් තරගාවලියේ දී වැඩිම කඩුලු ලාභියා වුවද මාලිංගට නැවත ජාතික කණ්ඩායමේ අවස්ථාව ලබා නොදීමේ පාඩුව ශ්‍රී ලංකාවට විඳ ගැනීමට සිදුවූයේ පසුගිය දා ආවසන් වූ නිදහස් කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට හෝ සුදුසුකම් ලබා ගැනීමට නොහැකිවීමෙනි.

එම තරගාවලියේ දී, ශ්‍රි ලංකාව සතුව අත්දැකීම් බහුල වේග පන්දුයවන්නෙකු නොමැති වීමේ අඩුව තදින්ම දැනින.

පසුගිය වසරේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රියා කලාපය ප්‍රසිද්ධියේ හෙළා දැකීම ද ලසිත්ට කණ්ඩායමේ ස්ථානය අහිමිකළේ දැයි සැක සහිතය.

© Island Cricket

Leave a Comment