in

ශ්‍රී ලංකා ක්‍රිකට් නිළවරණය මැයි 31

ශ්‍රී ලංකා ක්‍රිකට්

මැයි 11,2018

ලංකා ක්රිකට්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළවරණය මෙම මස 31 වැනි දිනට කල් දැමීමට තීරණය කර තිබේ.

ඒ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා විසින් සිදුකළ විධානයක් හේතුවෙන් බව ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනය පහතින්:

විශේෂ දැනුම්දීමයි

වර්ෂ 2018 මැයි මස 19 වන දින පැවැත්වීමට නියමිතව තිබු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික මහා සභා රැස්වීම සහ නිලවරණය, ගරු ක්‍රීඩා අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මැතිතුමා විසින් ක්‍රීඩා පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව ඊයේ දින (10) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත විධානයක් නිකුත් කරමින්, කල් දැමීමට නියෝග කර ඇති බව මෙයින් දන්වා සිටී.

තවද, ජාතික ක්‍රීඩා සංගමයක පරිපාලනය සඳහා ප්‍රජත්‍රන්ත්‍රවාදී අයුරින් පත් කර ගනු ලබන නිලධාරී මණ්ඩලයක අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු නීතිපතිතුමාගේ උපදෙස් විමසීමෙන් අනතුරුව, 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ (සංශෝධිත) 39 (1) වගන්තිය ප්‍රකාරව ගරු ක්‍රීඩා අමාත්‍යතුමා විසින් නිකුත් කරනු ලද උක්ත සඳහන් කල විධානය ප්‍රකාරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පත් කර ගැනීම සඳහා වන නිලවරණය සහ මහා සභා රැස්වීම ක්‍රීඩා පනතේ සහ ඊට අදාළ රෙගුලාසි අනුව නීලවර්ණ කමිටුව විශේෂ මහා සභාවකින් පත්කරගැනීමෙන් අනතුරුව වර්ෂ 2018 මැයි මස 31 වන දින පවත්වන ලෙස වැඩිදුරටත් විධාන කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙයින් නිවේදනය කර සිටී.

© Island Cricket

Leave a Comment