in

ශ්‍රී ලංකාවට හෙට තරගය අවසන් පූර්ව තරගයක්

ශ්‍රී ලංකාවට හෙට තරගය අවසන් පූර්ව තරගයක්

මාර්තු 15, 2018

Photo

නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව පැවැති දෙවැනි තරගය ජයගැනීමත් සමග ඉන්දියාව තරගාවලියේ අවසන් තරගයට පහසුවෙන් සුදුසුකම් ලබා ගත්තේය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් තරගයට සුදුසුකම් ලබනවානම්, හෙට (16) පැවැත්වෙන තරගය ජය ගැනීමට අනිවාර්ය වේ.

ඉන්දියාවට එරෙහිව පළමු තරගය ජයගෙන බංග්ලාදේශය සමග තරගය පරාජය වීම හා නැවත ඉන්දියාව හමුවේ පරාජය වීම හේතුවෙන්, ශ්‍රී ලංකා කණ්ඩායම පසුවන්නේ සමස්ත ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේයි.

කෙසේ වෙතත්, හෙට තරගයේ ජයග්‍රාහකයා අවසන් තරගයට සුදුසුකම් ලබයි. යම් හෙයකින්, තරගය පැවැත්වීමට නොහැකි වුව හොත්, ශ්‍රී ලංකා කණ්ඩායම දළ ලකුණු වේගය මත අවසන් තරගයට සුදුසුකම් ලබනවා ඇත.

ඊයේ පැවැති තරගයේ දී බංග්ලාදේශයේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 3 ක් දැවී ලකුණු 176 ක් රැස්කළ අතර බංග්ලාදේශය නියමිත පන්දුවාර 20 දී කඩුලු 6 ක් දැවී රැස්කළේ ලකුණූ 159 ක් පමණි.

© Island Cricket

Leave a Comment