in

ශ්‍රී ලංකාවට නැවත විදෙස් ක්‍රීඩකයන් ද සහිත 20/20 තරගාවලියක්

ශ්‍රී ලංකාවට නැවත විදෙස් ක්‍රීඩකයන් ද සහිත 20/20 තරගාවලියක්

පෙබරවාරි 17, 2018

Photo

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2012 වසරේ දී පැවැත්වූවාට පසුව විදෙස් ක්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන් 20/20 තරගාවලියක් මෙරට දී පැවැත්වීමට නොහැකිවිය.

ඒ අඩුව පුරවමින් මෙම වසරේ අගෝස්තු මස එවන් තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබේ.

අගෝස්තු 18 වැනි දා සිට සැප්තැම්බර් 10 වැනි දා දක්වා පැවැත්වීමට යෝජනා වී ඇති තරගාවලිය ලංකන් ප්‍රිමියර් ලීග් ලෙස නම් කිරිමට නියමිත වේ.

කණ්ඩායම් 6 ක සහභාගීත්වයෙන් ලීග් ක්‍රමයට පැවැත්වෙන තරගාවලියේ පළමු වටයේ දී එක් කණ්ඩායමක් තරග 10 ක් ක්‍රීඩා කිරීමට නියමිත බව ද වාර්තා වේ.

ජාත්‍යන්තර තරගාවලි සඳහා ඉහත සඳහන් කාලයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සහභාගී නොවීම හේතුවෙන් මෙම තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර තිබේ.

© Island Cricket

Leave a Comment