in

ශකීබ්ට හා අතිරේක ක්‍රීඩකයාට දඩ හිමිවෙයි

ශකීබ්ට හා අතිරේක ක්‍රීඩකයාට දඩ හිමිවෙයි

මාර්තු 17, 2018

Photo

බංග්ලාදේශ ක්‍රිකට් නායක ශකීබ් අල් හසන්ට හා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේ අතිරේක ක්‍රීඩකයෙකු වූ නුරුල් හසන්ට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් දඩ නියම කර තිබේ.

ක්‍රීඩාවේ ජීව ගුණයට හානිවන ආකාරයට ක්‍රියා කිරීම යන වරදට ශකීබ් අල් හසන් වරදකරුව ඇති අතර, අතිරේක ක්‍රීඩකයෙකු වූ නුරුල් හසන් ක්‍රීඩාව අපකීර්තියට පත් කිරීම යන වරදට වරදකරුව තිබේ.

ශ්‍රි ලංකා කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේ දී නොහොඹිනා ලෙස හැසිරීම ක්‍රිකට් ක්ෂේත්‍රයේ කාගේත් කතා බවට ලක්වූ සිදුවීමක් විය.

ඒ අනුව ක්‍රීඩකයන් දෙදෙනාගෙම තරඟ ගාස්තුවෙන් සියයට 20 ක මුදලක් හා, ඔවුන් වෙනුවෙන් පිරිණමන ශ්‍රේණිගත කිරීමේ එක් ලකුණක් අහිමි කර තිබෙන බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරය තිබේ.

2016 වසරේ සැප්තැම්බර් මස දී, ශ්‍රේණිගත කිරිම් ලකුණු අහිමි කිරීම හඳුන්වා දීමෙන් පසුව වාර්තා වූ පළමු සිදුවීම මෙය වේ.

ඉහත වැරදි සඳහා වරදකරුවන් බවට ක්‍රීඩකයන් දෙදෙනාම, පිළිගෙන ඇති බව ද මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

© Island Cricket

Leave a Comment