in

විනය චෝදනා මත දඟ පන්දුයවන ක්‍රීඩක ජෙෆ්‍රි වැන්ඩසේ ගෙදර එවයි

ජෙෆ්‍රි වැන්ඩසේ

ජූනි 24, 2018

Jeffrey Vandersay

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට එරහෙිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය අතරතුර විනය සම්බන්ධව වූ ගැටලුවක් හේතුවෙන් දඟ පන්දුයවන ක්‍රීඩක ජෙෆ්‍රි වැන්ඩසේ නැවත දිවයිනට කැඳවා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, වැන්ඩසේ ක්‍රිකට් ආයතනය සමග සිදුකළ කොන්ත්‍රාත්තුවට පරිබාහිරව යමින් කටයුතු කර තිබීම හේතුවෙන් ඉහත තීරණය ගත් බවය.

පළමු තරගයෙන් දැවැන්ත පරාජයක් හිමිකරගත් ශ්‍රී ලංකාවට අභියෝග රැසකට මුහුණදීමට සිදුවූ තරගාවලියක් ලෙස මෙම තරගාවලිය සැලකිය හැකිය.

පන්දුවේ ස්වභාවය වෙනස් කිරීම හේතුවෙන් නායක දිනේශ් චන්දිමාල් තරග තහනමක් පණවා තිබේන අතර, ක්‍රීඩාවේ ජීවගුණය ආරක්ෂා නොකිරීම සම්බන්ධයෙන්ද පරීක්ෂණයක් ක්‍රියාත්මක වේ.

එවන් වටපිටාවක මෙලෙස ක්‍රීඩකයන් වගකීමි විරහිතව හැසිරීම විවේචනයට බඳුන්ව තිබේ.

© Island Cricket

Leave a Comment