in

වැඩිම කඩුලු ලාභීන් අතර සිටින, ලසිත් මාලිංගට අසාධාරණයක් සිදුව තිබේ ද?

ලසිත් මාලිංගට අසාධාරණයක් සිදුව තිබේ ද?

මාර්තු 6, 2018

Photo

මේ දිනවල පැවැත්වෙන අන්තර් සමාජ පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේ එන් සී සී කණ්ඩායම වෙනුවෙන් සියලුම තරග සඳහා සහභාගීවූ ලසිත් මාලිංග පන්දු යවන්නන් අතර සිව්වැනි ස්ථානයට පත්ව සිටියි.

එක් කඩුල්ලක සාමාන්‍යය 11 ක් ලෙස රඳවා ගනිමින් තරග 6 ක දී කඩුලු 13 ක් දවා ගැනීමට ලසිත් මාලිංග සමත්ව සිටීයි.

කඩුලු දවා ගන්නන් අතර පෙරමුණේ පසුවන ක්‍රීඩකයන් කිසිවෙකු ජාතික කණ්ඩායමට කැඳවීම් නොලැබීමෙන් ම මෙම තරගාවලියේ ප්‍රමිතිය සම්බන්ධයෙන් ව්‍යාකූල තත්ත්වයක් මතුවේ.

කණ්ඩායම් 23 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන තරගාවලියේ තරගකාරීත්වය සම්බන්ධයෙන් ඒ අනුව ගැටලු මතු වී සාධාරණීය කරණය කළ හැක.

මෑතකාලයේ ලසිත් මාලිංග, දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගෙන කණ්ඩායමට කැඳවා නොමැති බව සැලවුවද, අවස්ථා ලබා නොදී දක්ෂතා මැනිය හැකි එකම මිනුම් දණ්ඩ මේ දිනවල පැවැත්වෙන අන්තර් සමාජ තරගාවලිය පමණකි.

එහිදී ද සිය උපරිම දායකත්වය ලබා දීමට ලසිත් මාලිංග සමත් වීමෙන් ඔහුට, ජාතික කණ්ඩායමේ අවස්ථාවක් ලබා දීම සාධාරණීය කරණය කළ හැක.

මන්ද වත්මන් කණ්ඩායමේ වේගපන්දු යවන්නන් බහුතරය පන්දුවාර 20/20 තරග රටාවට ආවේණික ක්‍රීඩකයන් නොවීම මත අත්දැකීම් බහුල ලසිත් මාලිංග වැනි ක්‍රීඩකයෙකු කණ්ඩායමේ රඳවා ගැනීමෙන් අමතර වාසියක් කණ්ඩායමට අත්වනු නොඅනුමානය.

© Island Cricket

Leave a Comment