පෙබරවාරි 8, 2018
ඉන්දියාවේ දී පැවැත්වෙන අයි පී එල් ක්‍රිකට් තරගාවලියේ දී මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ පන්දුයවන්නන්ගේ උපදේශකවරයෙකු ලෙස ලසිත් මාලිංග පත් කර තිබේ.
මෙවර තරගාවලිය සඳහා මාලිංගව තෝරා නොගැනීමෙන් පසුව, මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම මෙම තීරණය ගෙන ඇත.
ඉන්දීය මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීම ගැන ඉඟි පළ කර තිබේ.
ඔහු පවසා ඇත්තේ, නැවත ජාත්‍යන්තර තරග සඳහා සහභාගීවීමේ අවස්ථාව හිමි නොවනු ඇති බවයි.
එසේම දේශීය තරග සඳහා සහභාගීවීමේ දී, තමන් ක්‍රිකට් ක්‍රීඩාවට නොසුදුසු බව හැඟුණු බව ද ඔහු පවසා තිබේ.
ඒ අනුව, තවදුරටත් ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා අවධානය යොමුකිරීම පළක් නොවන බව ද ඔහු සඳහන් කර තිබේ.
සෑම ක්‍රීඩකයෙකුටම මෙවැනි කාලයක් පැමිණෙන බවත්, තමන්ට ද එය හැඟෙන බවත් මාලිංග පවසා ඇත.
කෙසේ වෙතත් මාලිංග මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නැහැ.
"මම දැන් වයස 34 ක ක්‍රීඩකයෙක්, මම තවත් තරුණ වන්නේ නෑ. මුම්බායි කණ්ඩායම මට හොඳ අවස්ථාවක් ලබා දී තිබෙනවා. මා සිතනව මෙයයි අවස්ථාව නව අංශයකින් ඉදිරියට යෑමට."
ඉදිරියේ දී පන්දුයවන්නන් හඳුනා ගැනීමට හා පුහුණුකිරීමට අදහස් කරන බව ද මාලිංග ප්‍රකාශ කර ඇත.
මාලිංග පන්දුවාර 20-20 තරග 248 කට සහභාගීවී කඩුලු 331 ක් දවා ගෙන තිබේ.
© Island Cricket