in

ලසිත් මාලිංග කඩුලු 1000 සම්පූර්ණ කරයි

ලසිත් මාලිංග කඩුලු 1000 සම්පූර්ණ කරයි

මාර්තු 15, 2018

Photo

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් බිහිවූ දක්ෂතම වේග පන්දුයවන්නෙකු ලෙස අවිවාදයෙන් පිළිගන්නා ලසිත් මාලිංග ක්‍රිකට් දිවියේ 1000 වැනි පළමු පෙළ කඩුල්ලේ කඩ ඉම ද පසු කිරීමට සමත්විය.

මේ දිනවල පැවැත්වෙන පළමු පෙළ අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ එන්.සී.සී. හා සී සී සී කණ්ඩායම් අතර  තරගයේ දී ඔහු මෙම දක්ෂතාව දැක්වීය.

එන් සී සී කණ්ඩායම වෙනුවෙන් ලකුණු 24 කට කඩුලු 4 ක් දවා ගත් මාලිංග ඊයේ අෂාන් ප්‍රියන්ජන දවා ගැනීමත් සමග කඩුලු 1000 සමාජයට එක්විය.

මෙම තරගයේ දී සී සී සී කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 181 ක් රැස්කළ අතර එන් සී සී කණ්ඩායම කඩුලු තුනක් පමණක් දැවී නියමිත ඉලක්කය පසු කළේය.

මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ දී, ටෙස්ට් කඩුලු 101, එක්දින කඩුලු 301 හා පන්දුවාර 20/20 කඩුලු 90 ක් ලෙස සමස්ථ කඩුලු 492 ක් දවාගෙන තිබේ.

© Island Cricket

Leave a Comment