in

ලසිත් මාංලිගට ජාතික පිළේ දොර වැසුනේ බලපෑමකින් ද?

ලසිත් මාංලිගට ජාතික පිළේ දොර වැසුනේ බලපෑමකින් ද?

දෙසැම්බර් 28, 2017

Photo

ශ්‍රී ලංකාව සතුවූ දක්ෂතම වේගපන්දු යවන්නා ලෙස අවිවාදයෙන් පිලිගත් ලසිත් මාලිංගට මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ දොර වැසී තිබේ.

ඉන්දියාවට එරෙහිව පැවැති එක්දින හා පන්දුවාර 20-20 තරගාවලි සඳහා ද ලසිත් මාලිංග තෝරා නොගත් අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර තිබුනේ ඔහුව විවේක ගැන්වූ බවය.

නමුත් එළඹෙන බංග්ලාදේශ තරගාවලිය සඳහා නම් කල 23 දෙනෙකුගෙන් යුත් සංචිතයෙන් ද ලසිත් මාලිංග හැලී තිබේ.

ඒ අනුව ගත් කළ ලසිත් මාලිංගව හිතා මතා තෝරා නොගෙන ඇති බව පැහැදිලි වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ විවේචනය කිරීම ඔහුට කණ්ඩායමේ ස්ථානය අහිමි කළේ දැයි සැක පලවේ.

ක්‍රීඩා අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නැවත තිබූ තත්ත්වයට ගැනීම සඳහා සිදුකළ විද්වත් කථිකාවේ දී ලසිත් ප්‍රසිද්ධියේ වත්මන් තත්ත්වය විවේචනයට ලක් කළේය.

එසේ ම ජාතික කණ්ඩායමේ දොර වැසීම හේතුවෙන් නැවත දේශීය තරග බිමේ ක්‍රීඩා කරන ලසිත් අපට දැකගත හැකි විය.
 
එන් සී සී කණ්ඩායම නියෝජනය කරන  ලසිත් මාලිංග තම ශරීර යෝග්‍යතාව සනාථ කිරීම සඳහා මේදිනවල පැවැත්වෙන අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියට ද සහභාගීවිය.

ටැමිල් යූනියන් කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ දී ලකුණු 24 ට කඩුලු දෙකක් දවාගත් ලසිත් මාලිංග දෙවැනි ඉනිමේදී කඩුලු ලබාගෙන නොමැත.

© Island Cricket

Leave a Comment