ජනවාරි 4, 2018
හිටපු ටෙස්ට් ක්‍රීඩකයෙකු හා ජාත්‍යන්තර තරග තීරකයෙකු වූ රොෂාන් මහානාම විසින් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අද ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පැහැදිලි කළේය.
පසුගිය දා කොළඹ දී පැවැති උත්සවයක දී මහානාම ප්‍රකාශ කළේ, ප්‍රවීණ ක්‍රීඩකයෙකු ජාතික කණ්ඩායමේ ස්ථානය අහිමිවීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා හමුවේ ඉල්ලීමක් කරන ඇති බව තමන්ට ආරංචි වූ බවවේ.
අද කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක දී ජයසේකර ප්‍රකාශ කළේ එසේ කිසිදු ක්‍රීඩකයෙකු තමන් හමුවට නොපැමිණි බවත්, එලෙස තමන් තේරීම් කටයුතු සඳහා බලපෑම් නොකරන බවය.
මින් පෙර සිටි ක්‍රීඩා අමාත්‍යවරු විසින් එවැනි දෑ සිදු කර ඇති මුත්, තමන් අතින් එවන් දෙයක් සිදුනොවන බව ද අමාත්‍යවරයා පැහැදිලි කළේය.
මහානාම වැනි ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයෙකු එවන් චෝදනාවක් සිදුකිරීම ගැන තමන් කණගාටුවන බව ද අමාත්‍යවරයා පැවසීය.
© Island Cricket