in

මේජර් 20/20 අමුතු විසඳුමකින් තරග දෙකක් අවසන් වෙයි

මේජර් 20/20 අමුතු විසඳුමකින් තරග දෙකක් අවසන් වෙයි

මාර්තු 2, 2018

Photo

අන්තර් සමාජ පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේ දී අනපේක්ෂිත තරග අවසාන දෙකක් වාර්තාව තිබේ.

ඒ තරග දෙකක් ලකුණු සමවීම හේතුවෙන් ජය පරාජයෙන් තොරව අවසන් වීම හේතුවෙනි.

 සී සී සී කණ්ඩායම ට එරෙහිව තරගයේ අවසන් පන්දුවාරයේ දී,  ප්‍රතිවාදී යුද හමුදාවට ජයග්‍රහණය අහිමිවිය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සී සී සී කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ 142/7 යි. (කුසල් මෙන්ඩිස් 64, සීක්කුගේ ප්‍රසන්න 25/4)

ලකුණු 142 ක ඉලක්කයක් හඹාගිය යුද හමුදා ක්‍රීඩකයන්ට අවසන් පන්දුවාරය තුළ ලකුණු 14 ක් ලබා ගැනීමට අවශ්‍ය විය.

අවසන් පන්දුවාරය යොමුකළ ලක්ෂාන් සඳකැන්ගේ පළමු පන්දු 4 දී, ලකුණු 12 ක් ලබා ගැනීමට ප්‍රතිවාදීන් සමත් විය.

පස්වැනි පන්දුවේ දී, දෙවැනි ලකුණු ලබා ගැනිමට උත්සුක වූ යුදහමුදා ක්‍රීඩකයන්ගේ 8 වැනි කඩුල්ල දැවී ගිය අතර, අවසන් පන්දුවේ දී නැවතත් දුවද්දී දැවී යාමක් වාර්තා වීමත් සමග තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

(ලක්ෂාන් එදිරිසිංහ 63, නුවන් තුෂාර 25/3)

ගාල්ල – ටැමිල් යූනියන්

ගාල්ල කණ්ඩායමේ සුපිරි ක්‍රීඩා විලාශය හේතුවෙන්, ප්‍රභල ටැමිල් යූනියන් කණ්ඩායම ජයග්‍රහණය අහිමි වීම ද විශේෂ සිදුවීමක් විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම 138/5 ( ඩිල්ශාන් කාන්චන 50, හර්ෂ රාජපක්ෂ 43)

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ප්‍රභල ටැමිල් යූනියන් කණ්ඩායම අභියෝගයක් එල්ල කිරීමට ගාල්ල පන්දුයවන්නන් සමත්විය.

ඒ අනුව ටැමිල් යූනියන් කණ්ඩායමට  අවසන් පන්දුවාරයේ දී, ලකුණු 13 ක් ලබා ගැනීමට අවශ්‍ය විය.

ගයාන් සිරිසෝම යොමුකළ අවසන් පන්දුවාරයේ දී, ටැමිල් යූනියන් කණ්ඩායම ලකුණු 12 ක් රැස්කළ ද, අවසන් පන්දුවේ දී දුවද්දී දැවීයාමකට හසු වීම හේතුවෙන් ජයග්‍රහණය වැලකිණ.

(ධනංජය ද සිල්වා 55, ජීවන් මෙන්ඩිස් 29, රජිත් ප්‍රියාන් 18/4, උදාර රණසිංහ 19/3)

© Island Cricket

Leave a Comment