in

මහේල-සංගා වාර්තාව ක්‍රියාවට නැංවීම චන්දය නිසා කල්යයි

මහේල-සංගා වාර්තාව ක්‍රියාවට නැංවීම චන්දය නිසා කල්යයි

පෙබරවාරි 7, 2018

Photo

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධනයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ ආරාධනයෙන් පත්කළ කමිටු වාර්තාව ක්‍රියාවට නැංවීම පළාත් පාලන ආයතන චන්දයෙන් පසුව ආරම්භ කරන බව වාර්තාවේ.

එම වාර්තාව මේවනවිට ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ලබා දී ඇති අතර, මැතිවරණ කටයුතු හා රටේ පවතින තත්ත්වය හේතුවෙන් අධ්‍යනය කිරීම පමා වූ බව අමාත්‍යවරයා පවසා තිබේ.

කෙසේ වෙතත්, එය ක්‍රියාවට නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමගින් සාකච්ඡා පැවැත්වීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

කමිටුව රැස්වීමට පෙර මහේල ජයවර්ධන ප්‍රකාශ කළේ, ක්‍රියාවට නැංනොවේ නම් මින් ඉදිරියට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් උපකාර නොකරන බවය.

දේශීය ක්‍රිකට් පද්ධතිය යාවත් කාලීන කිරීම හා දේශීය ක්‍රිකට් තරගකාරීත්වයෙන් වැඩි කිරීම කෙරෙහි මෙම කමිටුවේ අවධානය යොමුව තිබේ.

© Island Cricket

Leave a Comment