in

බෝම්බයෙන් සලිත වූ සංගක්කාර පකිස්තානයට යාමට එකඟ වෙයි

බෝම්බයෙන් සලිත වූ සංගක්කාර පකිස්තානයට යාමට එකඟ වෙයි

මාර්තු 3, 2018

Photo

මේ දිනවල එක්සත් අරාබි එමීර් හී දී පැවැත්වෙන පකිස්තාන ප්‍රිමියර් ලීග් 20/20 තරගාවලියට සහභාගීවන කුමාර් සංගක්කාර පකිස්තානයේ දී ක්‍රීඩා කිරිමට කැමැත්ත පළ කර ඇති බව වාර්තා වේ.

2009 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ලවූ බෝම්බ ප්‍රහාරයෙන් පසුව, කුමාර් සංගක්කාර ඇතුළු ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් රැසක් පකිස්තානයේ සංචාරය කිරිම ප්‍රතික්ෂේප කළේය.

කෙසේ වෙතත්, මේවනවිට ජාත්‍යන්තර ක්‍රීඩා දිවියෙන් විශ්‍රාම ගෙන සිටින සංගක්කාර මෙම වසරේ දී පකිස්තානයේ දී තරග කිරීමට එකඟ වී තිබේ.

පකිස්තාන ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරග පකිස්තානයේ දී පැවැත්වෙන අතර, සංගක්කාර එකඟ ව ඇත්තේ එම තරග සඳහා ඉදිරිපත් වීමටයි.

පසුගිය වසරේ දී ද පකිස්තාන ප්‍රිමියර් ලීග් 20/20 තරගාවලියේ අවසන් තරග පකිස්තානයේ පැවැත්වුව ද කුමාර් සංගක්කාර පකිස්තානය බලා ගමන් කිරීමට අකමැත්ත පළ කළේය.

© Island Cricket

Leave a Comment