in

බංග්ලාදේශයෙන් අශෝභන හැසිරීමක් – ක්‍රීඩකාගාරයටත් අලාභ කරයි

බංග්ලාදේශයෙන් අශෝභන හැසිරීමක් - ක්‍රීඩකාගාරයටත් අලාභ කරයි

මාර්තු 17, 2018

Photo

නිදහස් කුසලාන 20/20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබූ බංග්ලාදේශ කණ්ඩායම ක්‍රීඩාශීලීත්වය ඉක්මවා යමින්, විවිධ අවස්ථාවවල ගැටුම් ඇති කරගැනීමට උත්සාහ කිරීම කාගේත් අවධානයට යොමුවිය.

ශ්‍රී ලංකා කණ්ඩායම පරදවා කඩුලු දෙකක තියුණු ජයක් වාර්තා කළ බංග්ලාදේශ ක්‍රීඩකයන් සම සිතින් සතුට භුක්ති විඳිනවා වෙනුවට, ප්‍රතිවාදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමග වාචිකව ගැටුනු අවස්ථා දැකගත හැකි විය.

තරගයේ අවසන් පන්දුවාරයේ ඉසුරු උදාන යොමුකළ කෙටි පන්දු දෙකෙන් පසුව විනිසුරුවරයා නිපන්දුවක් ලබා නොදීමට ගත්  තීරණය අභියෝගයට ලක්කරමින් මෙම ගැටුම නිර්මාණය විය.

එහිදී, නායක තිසර පෙරේරා විනිසුරුවරයා සමගින් සාකච්චා කරන අවස්ථාවේ, බංග්ලාදේශ අතිරේක ක්‍රීඩකයකු වූ නුරුල් හසන් ඇතුළු අතිරේක ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමගින් බහින් බස්වීමකට එළඹීම පාලනය කිරීමට විනිසුරුවරුන්ට මැදිහත් වීමට සිදුවිය.

ඉන් පසුව හතරේ සීමාව අසලට පැමිණි ශකීබ් අල් හසන් ද තම පිතිකරුවන්ට නැවත ක්‍රීඩාගාරයට කැඳවුව ද, ඔවුනගේ පුහුණුකරුකු වූ කලීඩ් මහුමූඩ් පිතිකරුවන්ට නැවත පිතිකරණයට පිවිසෙන ලෙස දැනුම් දුන්නේය.

යම් හෙයකින් බංග්ලාදේශ පිතිකරුවන් ක්‍රීඩාංගණයෙන් නික්මුන හොත් තරගයේ ජය ශ්‍රී ලංකාවට නිතරඟයෙන් හිමිවීමටද ඉඩ තිබිණ.

ඉන් පසුව තරගය ජය ගැනීමත් සමග බංග්ලාදේශ ක්‍රීඩකයන්, ජය සමරමින් ක්‍රීඩා ලොලීන්ට මෙන්ම ක්‍රීඩකයන්ට ද උසුලු විසුලු කරමින්, කුඩා දරුවන් සේ හැසිරීම පිළිකුළින් යුතුව හෙළා දැකිය යුතු අවස්ථාවක් විය.

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු වූ තමීම් ඉක්බාල් ක්‍රීඩකයන් සංසුන් කිරිමට උත්සාහ කරනු දැකිව හැකි වුව ද තරුණ ක්‍රීඩකයන් නොයෙක් ආකාරයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමගින් ගැටුම් ඇතිකරගැනීමට උත්සාහ දරණු දැකිය හැකි විය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ද එම වාග් සංග්‍රාමයන්ට මැදි වද්දී, තමීම් විසින් කුසල් මෙන්ඩිස්ව එම සංග්‍රාමයෙන් ඉවතට ගෙන යෑම පැසසිය යුතු විය.

බංග්ලාදේශ ක්‍රීඩකයන් ඉන් අනතුරුව ප්‍රේමදාස ක්‍රීඩංගණයේ ඔවුන් සඳහා වෙන් කර තිබූ ක්‍රීඩකාගාරයේ වීදුරු දොරවල්වලට හානි කරමින්, එහි තිබූ බඩු බාහිරාදිය හානි කරනු දැකගත හැකි විය.

ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා කරමින් මතු පරපුරට ක්‍රීඩාව ආරක්ෂා කර දීමට නම්, මෙවන් ක්‍රියා සඳහා දැඩි දඬුවම් ලබා දිය යුතුවේ.

ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් තරගයේ අවස්ථාව අහිමිවේ

© Island Cricket

Leave a Comment