in

බංග්ලාදේශයට එරෙහි 20-20 ශ්‍රී ලංකා පිළට ජීවන්, අමිල හා අසිත නම් කරයි

බංග්ලාදේශයට එරෙහි 20-20 ශ්‍රී ලංකා පිළට ජීවන්, අමිල හා අසිත නම් කරයි

පෙබරවාරි 7, 2018

Photo

බංග්ලාදේශයට එරෙහිව පෙබරවාරි මස 15 වැනි දායින් ආරම්භවන පන්දුවාර 20-20 තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම අද නම් කළේය.

ඊට නවක ක්‍රීඩකයෙකු වන අසිත ප්‍රනාන්දුට අමතරව අමිල පෝන්සුද නම් කර තිබේ.

ඊට අමතරව පන්දුවාර 20-20 විශේෂඥ ක්‍රීඩකයන් වන ජීවන් මෙන්ඩිස්, දසුන් ශානක, ඉසුරු උදාන, කුසල් ජනිත් හා ධනුශ්ක ගුණතිලක ද ඇතුළත්.

ජීවන් මෙන්ඩිස් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කරන්නේ වසර තුනකට පසුවවේ.

එසේම තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ දී දක්ෂතා දැක්වූ ශෙහාන් මධුශංකට ද 20-20 කණ්ඩායමේ ස්ථානයක් හිමිව ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම:

දිනේශ් චන්දිමාල් – නායක, උපුල් තරංග, ධනුශ්ක ගුණතිලක, කුසල් පෙරේරා, තිසර පෙරේරා, අසේල ගුණරත්න, නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක, ඉසුරු උදාන, ශෙහාන් මධුශංක, ජෙෆ්‍රි වැන්ඩර්සේ, අකිල ධනංජය, අමිල අපෝන්සු, ජීවන් මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු

© Island Cricket

Leave a Comment