ජනවාරි 25, 2018
ශ්රී ලංකා ක්රිකට් දේශීය තරගාවලිය තරගකාරීත්වයෙන් අවම උදාසීන තරගාවලියක් ලෙස හිටපු ක්රීඩකයන් මෙන්ම ක්රිකට් විචාරයකයන් ද හඳුන්වයි.
ඒ තුන් දින ක්රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම් 14 ක් සහභාගීවීම හේතුවෙන් ප්රධාන පෙළේ ක්රීඩකයන් එම කණ්ඩායම් සඳහා බෙදී තිබීම හේතුවෙන් විය හැක.
මෙවර තරගාවලිය කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වූ අතර, එහිදී ඒ ඒ කාණ්ඩ වල පෙරමුණට පැමිණි කණ්ඩායම් 8 ක් සුපිරි කණ්ඩායම් අටේ තරගාවලියට සුදුසුකම් ලබා ඇත.
අදින් ආරම්භවන එම තරගාවලියට සුදුසුකම් ලබා ඇත්තේ එස්.එස්.සී, වරාය, රාගම, එන් සී සී. කෝල්ට්ස්, බී .ආර්.සී, සැරසන්ස් හා හලාවත යන කණ්ඩායම් වේ.
එස්.එස්.සී කණ්ඩායම වරාය අධිකාරියට එරෙහිව සරා පිටියේ තරග වදින අතර, රාගම කණ්ඩායම එන් සී සී කණ්ඩායම හමුවන්නේ කොල්ට්ස් පිටියේ දීය.
කෝල්ට්ස් – බී .ආර්.සී. තරගය කටුනායක දී පැවැත්වෙද්දී, සැරසන්ස් – හලාවත තරගය එස් එස් සී පිටියේ දී පැවැත්වේ.
මෙම තරගාවලිය සිව් දින තරගාවලියක් ලෙස පැවැත්වේ.
© Island Cricket