in

පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයන්ට කොන්ත්‍රාත්

පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයන්ට කොන්ත්‍රාත්

ජනවාරි 25, 2018

Photo

ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයන් වෙත ක්‍රීඩක කොන්ත්‍රාත් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ඒ අනුව ඉදිරි 2017-18 තරග සමය සඳහා ක්‍රීඩකයන් 103 දෙනෙකුට කොන්ත්‍රාත් හිමිවීමට නියමිතවේ.

2016-17 තරග සමය සඳහා සහභාගීවූ ක්‍රීඩකයන් අතරින් මෙම ක්‍රීඩකයන් තෝරා ගත් බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ඔවුන් වෙනුවෙන් ක්‍රිකට් ආයතනය ආයෝජනය කිරීමට නියමිත මුදල රුපියල් ලක්ෂ 850 කට අසන්න වේ.

පළමු ශ්‍රේණිය සඳහා ක්‍රීඩකයන් 20 ක් හා නැගී එන ක්‍රීඩකයන් ලෙස ක්‍රීඩකයන් 23 දෙනෙකු අතුළත්ව මෙවර කොන්ත්‍රාත් පිරිණැමෙනු ඇත.

© Island Cricket

Leave a Comment