in

පළමු දිනයේ දී ම හතුරුසිංහ කියන කතා

ශ්‍රීරී ලංකා ක්රිකට් ප්රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ සමඟ සාකච්ඡාවක්

දෙසැම්බර් 29, 2017

ශ්‍රීරී ලංකා ක්රිකට් ප්රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ සමඟ සාකච්ඡාවක්

Photo

ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීම සම්බන්ධයෙන් ඔබ සිදුකිරීමට යන වෙනස් කම් මොනවා ද?

එක් උඩපන්දුවක් අතහැරීම මත තරගයක් පරාජය වූ බවට චෝදනා කරන්න බෑ. එහෙම කියනවනම් ඔබ ඔබටම කරන විහිලුවක්. එක් උඩපන්දුවක් අතහරුණු විට තවත් දවාගැනීමේ අවස්ථාවක් නිරිමාණය කරගැනීමට නොහැකවෙනවා නම් ඔබේ පන්දුයවන්නන් හොඳ නැහැ. කෙනෙකුට උඩපන්දුවක් අතහැරීමට හැකියි. වැරදි පන්දුවක් යොමුකළ හැකීයි. වැරදි තීරණයක් ගැනීමට හැකයි. නමුත් අප අවධානය යොමුකළ යුත්තේ සියලුම අංශ වෙතයි.

කෙටිකාලීනව ඔබ සිදුකිරීමට බලාපොරොත්තුවන්නේ කුමක් ද?

ආත්ම විශ්වාසය ගොඩනැගිය යුතුයි. ඒ සඳහා කණ්ඩායමක් ලෙස පුහුණුකරන ආකාරය, සන්නීවේදනයේ දුර්වලතා වගේ ම ආකාල්පමය වෙනසක් ඉක්මනින් සිදුකිරීමට අවශ්‍යයි.  

ඔබ පිටින් දකිනවිට කණ්ඩායමේ වරද කුමක් ද?

වරද, ඔවුන් සිදුකළ යුතු දේ නිවැරදිව නොකිරීමයි වරද. මට පේනවා ඉතා දක්ෂ ක්‍රීඩකයන්. ලොව පළමු ස්ථාන 5 අතරට පැමිණිය හැකි ක්‍රීඩකයන් අප සතුව සිටිනවා. නමුත්, ඔවුන් ඔවුන්ගේ දක්ෂතාවලට සාධාරණයක් කරන්නෙ නෑ. ඔවුන්ගේ දක්ෂතා නිවැරදිව හඳුනාගෙන නැ. හුඟක් දේවල් තියනව සකසා ගන්න.

මීළඟ සංචාරය බංග්ලාදේශ තරගාවලිය ඔබ ඒ ගැන සිතන්නේ කුමක් ද?

එය ඉතා අභියෝගයක් වගේම හොඳ අත්දැකීමක්. අපි හොඳින් ක්‍රීඩා කරන්නෙ නෑ.  බංග්ලාදේශය පසුගිය වසර දෙකේ දී ඉතා හොඳින් ඔවුන්ගේ රටේ දී ක්‍රීඩා කළා. සිම්බාබ්වේ කණ්ඩායමත් සීග්‍රයෙන් දියුණු වෙමින් සිටිනවා. හොඳ අභියෝගයක් වෙයි මේ තරගාවලිය.

පළමු පුහුණු සැසියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ හැසීරීම ගැන ඇති හැඟීම?

ඉතාමත්ම සතුටුයි ඔවුන්ගේ උනන්දුව ගැන.  එයාල හරිවිවෘතයි මගේ අදහස් ගැන. ඒ ගොල්ලො හොඳ උනන්දුවක් දැක්වුව.

ඔබේ අභියෝගය?

මගේ අභියෝගය බංග්ලාදේශ තරගාවලිය විතරක් නෙවෙයි. මගේ අභියෝගය තියෙන්නෙ මේ කණ්ඩායම දක්ෂතාවන් වල උපරිමේට ගේන එක. වල්ඩ් කප් එකට අවශ්‍ය දේ කරන්න තමයි දැන් කරන්නෙ.

නායකත්වය ගැන අදහස?

තරගාවලියෙන් තරගාවලියට නායකයෙකු පත් කරනවට වඩා ඒ ක ලේසිවෙයි මටත්, කණ්ඩායමටත් එක්කෙනෙක් පත්කරන එක. ඒත් ඒ ගැන මට දැන්ම කියන්න බෑ.

කණ්ඩායම තෝරාගැනීමට ඔබට අවස්ථාවක් තිබෙනවා ද?

ශ්‍රී ලංකාවෙ ක්‍රීඩා නීතියට අනුව මට නිළ වශයෙන් කණ්ඩායම තෝරාගැනීමට සම්බන්ධ වෙන්න බෑ. නමුත් මගේ අදහස් විමසන්න පුලුවන්. ඒ වගේම ක්‍රිකට් ව්‍යවස්තාවට අනුව තරගයක දී 11 දෙනා තෝරගන්න මට අවස්ථාව තිබෙනවා.

23 සචිතයේ නැති ලසිත් මාලිංග ඇවිත් සිටි ය?

එයාව සිලෙක් නොකිරීම අහන්න තේරීම් කමිටු සභාපතිගෙන්. එයා අද ඇවිල්ල හිටියෙ බෝල් කරන්න. ඕන කෙනෙකුට එන්න පුලුවන්. එයා උනන්දුවෙන් ආපු කෙනෙකු. මම කැමති එයා පෙන්නන උනන්දුවට. ලංකාවට හොදට ගහපු ක්‍රීඩකයෙක්, ඒවගේ ක්‍රීඩකයෙක් උනන්දුවෙන් ආපු එක අනිත් අයටත් හොඳ අත්දැකීමක්. ඔහුගේ අත්දැකීම් ක්‍රීඩකයන්ට පමණක් නොවේ අපිටත් වැදගත්.

මනෝ චිකිත්සකවරයෙකුගේ උදව් ලබා ගැනීම ගැන පැහැදිලි කරන්න?

ඔහුගේ නම පිල් ජොන්සේ, මම සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස සිටින විට තමයි මයික් හසීගේ මාර්ගයෙන් හඳුනාගැනීමට හැකි වුණේ. එයා ඔස්ට්‍රේලියානු ජාතිකයෙක්. අපි බලාපොරොත්තුවෙනවා අවුරුද්දකට හතර සැරයක් වගේ ඔහුගේ සහාය ලබා ගන්න. එයා මට බොහෝ අවස්ථාවල උදව් කරපු කෙනෙක්. ඒ වගේම ඔස්ට්‍රේලියා ඔලිම්පික් කණ්ඩායම, රග්බි ලීග් හා ඔස්ට්‍රේලියා ක්‍රිකට් එක්කත් වැඩකරපු කෙනෙක්.

සහාය පුහුණුකරුවන් ගැන ඔබ සෑහීමට පත්වෙනවා ද?

මට සහාය කණ්ඩායම තෝරාගන්න අවස්ථාව තිබෙනවා. නමුත් දැනට මම බලන්නෙ මේ සිටින කණ්ඩායම සමග ඉදිරියට යාමට.

කුමාර් සංගක්කාරගෙන් ඔබට සහායක් ලැබුණ ද නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට?

කුමාර් සංගක්කාර මට සහාය වුණා ඔස්ට්‍රේලියාවට පුහුණුකරුවෙකු ලෙස සම්බන්ධ වීමේ දී. සංගක්කාර යනු විශිෂ්ඨ ක්‍රීඩකයෙක්. මම බලාපොරොත්තු වෙනවා ඔවුන්ගේ දැනුමත් මේ සඳහා යොදාගන්න. ඔහු පමණක් නොවේ. මහේල මුරලි හැමෝගෙම සහාය ලබාගැනීමට මා බලාපොරොත්තු වනවා.

© Island Cricket

Leave a Comment