in

පන්දුවාර 20-20 තරගාවලිය අසේලට අහිමිවෙයි

පන්දුවාර 20-20 තරගාවලිය අසේලට අහිමිවෙයි

පෙබරවාරි 15, 2018

Photo

බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අසේල ගුණරත්නට අහිමිව තිබේ.

ඒ ඔහු පුහුණුවීම් අතරතුර අනතුරකට ලක්වීම හේතුවෙනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, අසේල ගුණරත්න අද දිවයිනට පැමිණීමට නියමිත බවවේ.

ඔහුගේ අතක් ආබාදයට ලක්ව තිබීම හේතුවෙන්, ඊට ප්‍රතිකාර ලබා ගැනීම අද සිට ආරම්භ කිරීමට නියමිත බව ද එම නිවේදනයේ සඳහන්.

අසේල වෙනුවෙන් වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ නොකරන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

© Island Cricket

Leave a Comment