in

නිදහස් කුසලාන තුන්කොන් සටනට මැතිව්ස් එන ලකුණු

නිදහස් කුසලාන තුන්කොන් සටනට මැතිව්ස් එන ලකුණු

පෙබරවාරි 13, 2018

Photo

ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන නිදහස් කුසලාන පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියට සහභාගීවීමේ අපේක්ෂාවෙන් පසුවන බව ආබාදයට ලක්ව සිටි ඇන්ජලෝ මැතිව්ස් පවසයි.

ඉන්දියාව හා බංග්ලාදේශය ද සහභාගීවන තරගාවලිය ශ්‍රී ලංකාවට අභියෝගයක් වනු ඇති බව ඇන්ජලෝ මැතිව්ස්ගේ මතයයි.

මෙරට ක්‍රීඩකයන් සියලු දෙනා මෙම තරගාවලියේදී උපරිම දක්ෂතා දක්වමින් නැවත සුපුරුදු දක්ෂතා අතරට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවේ.

මේවනවිට, ප්‍රකෘති තත්ත්වයට පත්වෙමින් සිටින ඇන්ජලෝ මැතිව්ස් සියයට සියයක් සුවවීමෙන් පසුව ඉදිරි තරගාවලියට සහභාගීවන බව පවසා තිබේ.

මින් ඉහත, ආබාදයේ තත්ත්වය ගැන අවධානය යොමු නොකර තරග සඳහා සහභාගීවීම හේතුවෙන් දිගින් දිගටම ආබාද තත්ත්වයන්ට ලක්වීමට සිදුවූ බවද ඔහු පෙන්වා දෙයි.

නමුත් මේ අවස්ථාවේ දී, සුදුසු ප්‍රතිකර්ම පිළිපදින බව ද ඇන්ජලෝ වැඩිදුරටත් පවසා ඇත.

© Island Cricket

Leave a Comment