පෙබරවාරි 23, 2018
මෙරට දී පැවැත්වෙන නිදහස් කුසලාන 20/20 තරගාවලියට සහභාගීවීමේ අවස්ථාව තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩක අසේල ගුණරත්නට අහිමිව තිබේ.
බංග්ලාදේශයට එරෙහිව පැවැති ක්‍රිකට් තරගාවලිය අතරතුර ඇතිවූ ආබාදය තවදුරටත් සුවපත් නොවීම හේතුවෙන් මේ තත්ත්වය උදාව තිබේ.
මේ අතර, ඇන්ජලෝ මැතිව්ස්, ශෙහාන් මධුශංක හා කුසල් ජනිත් පෙරේරා ද ආබාද වලට ගොදුරුව ඇති බව වාර්තා වේ.
මේ අතරින්, ශෙහාන් මධුශංකගේ තත්ත්වය ද සැක සහිත වන අතර, මෙම සති අන්තයේ දී පැවැත්වෙන යෝග්‍යතා පරීක්ෂණයෙන් පසුව අවසන් තීරණයක් ගනු ඇත.
ඉන්දියාව – බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව සහභාගීවන තුන්කොන් 20/20 තරගාවලිය ලබන මස 6 වැනි දා ආරම්භ වීමට නියමිතය.
© Island Cricket