පෙබරවාරි 27, 2018
ඉන්දියාව හා බංග්ලාදේශයේ සහභාගීත්වයෙන් පැවැත්වෙන තුන්කොන් 20/20 ක්රිකට් තරගාවලිය, අඩුපාඩු නිවැරදි කරගැනීමට භාවිතා කළහැකි තරගාවලියක් වනු නොඅනුමානයි.
තරගාවලියට සූදානම් වන ශ්රී ලංකා කණ්ඩායමේ ක්රීඩකයන් මෙන්ම පුහුණුකරු චන්දික හතුරුසිංහද මේ සම්බන්ධයෙන් අදහස් පළ කර ඇත.
පරාජයන්ගෙන් හෙම්බත්ව සිටි ශ්රී ලංකා කණ්ඩායම, නැවත ජයග්රාහී මාවතකට පිවිසීමට පසුගිය දා නිමා වූ බංග්ලාදේශ සංචාරය ඉවහල් විය.
කෙසේ වෙතත්, එහි ලැබූ ජයග්රහණයනගෙන් පාඩම් උගෙන, ඉදිරි වසර සැලසුම් කිරීමට නිදහස් කුසලාන 20/20 තරගාවලිය අඩුතාලමක් කරගත යුතුවේ.
ශ්රී ලංකා කණ්ඩායමේ වෙනසට ප්රධාන හේතුව, සැලසුම් කළ ආකාරයෙන් ක්රීඩකයන් දක්ෂතා අතරට පැමිණීම බව පුහුණුකරු හතුරුසිංහ පෙන්වා දෙයි.
ක්රීඩකයන් අතර මානසික ඒකාග්රතාවය වර්ධනය වීම හා විශ්වාසනීයත්වය ගොඩනැගීම මෙන්ම, අඩුපාඩු සකසා ගැනීම කෙරෙහි පුහුණුකරුවන්ගේ වැඩි අවධානය යොමුවීමද ජයග්රහණයට ඉහවල් වූ බව හතුරුසිංහගේ අදහසය.
ක්රීඩකයන්ට නිදහසේ තරග කිරීමේ පරිසරයක් නිර්මාණය කිරීම ද චිත්ත ධෛර්යය වර්ධනය වීමට ඉවහල්ව තිබේ.
ඉන්දියාව හා බංග්ලාදේශයට එරෙහිව ඉදිරියේ දී පැවැත්වෙන තරගාවලිය තරගකාරීත්වය අතින් ඉහළ තරගාවලියක් වීම මත, කණ්ඩායමේ අඩුපාඩු හා ක්රීඩකයන්ගේ අඩුපාඩු සකසා ගැනීමට එම තරගාවලිය ඉවහල් වනු ඇත.
තරගාවලිය ලබන මස 6 වැනි දින ආරම්භ වේ.
© Island Cricket