in

නව වසරේ පළමු තරගාවලිය ශ්‍රී ලංකාවට ගොඩයෑමට අවස්ථාවක්

නව වසරේ පළමු තරගාවලිය ශ්‍රී ලංකාවට ගොඩයෑමට අවස්ථාවක්

දෙසැම්බර් 28, 2017

Photo

අවාසනාවන්ත වසරක් පසුකල  ශ්‍රී ලංකා කණ්ඩායමට නැවත පිබිදීමට අවස්ථාව සලසමින් නව වසරේ පළමු තරගාවලිය ජනවාරි මස 17 වැනි දා සිට ආරම්භ වේ.

බංග්ලාදේශයේ දී පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේදී, ශ්‍රී ලංකාව සත්කාරක බංග්ලාදේශය හා සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව තරග වදිනු ඇත.

තුන්කොන් තරගාවලියෙන් පසුව, බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් තරගාවලියකට හා 20-20 තරගාවලියකට ද ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගීවීමට නියමිතය.

තරගාවලියේ තරග සටහන – තුන්කොන් එක්දින තරගාවලියේ දී ශ්‍රී ලංකාව සහභාගීවන තරග
 
 ජනවාරි 17 – ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ   
 ජනවාරි 19 – ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය   
 ජනවාරි 21 – ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ  
 ජනවාරි 25 – ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය  
 ජනවාරි 27 – අවසන් තරගය
 
 ටෙස්‌ට්‌ තරගාවලිය

 පෙබරවාරි 31 – පළමු ටෙස්‌ට්‌ තරගය – චිතගෝන්
 පෙබරවාරි 8 – දෙවැනි ටෙස්‌ට්‌ තරගය – ඩකා
 
20-20 තරගාවලිය

පෙබරවාරි 15  – පළමු 20-20 තරගය – ඩකා
පෙබරවාරි 18  – දෙවැනි 20-20 තරගය – ඩකා

© Island Cricket

Leave a Comment