දෙදින පුහුණු තරගය ජය පරාජයෙන් තොරයි

Sri Lanka Cricket

ජූලි 9, 2018

දකුණු අප්‍රිකානු තරග සංචාරයට සමගාමීව පී. සාරා ඕවල් පිටියේ දී පැවැති දෙදින පුහුණු තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදෙමින් සියලු දෙනා දැවී රැස්කළ ලකුණු 287 ට පිළිතුරු ලෙස සංචාරක දකුණු ආප්‍රිකානු කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 388 ක් රැස් කිරීමට සමත්විය.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නායකත්වය දරූ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 92 ක් රැස්කල අතර ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වා ලකුණු 75 ක් රැස්කළේය. ධනුෂ්ක ගුණතිලක ලකුණු 53 ක් රැස්කිරීමට සමත්විය.

ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය ස්ථාන සඳහා තරග කරන  ක්‍රීඩකයන් වන රොෂේන් සිල්වාට ලකුණු ලබා ගැනීමට නොහැකිවූ අතර ධනංජය ද සිල්වා රැස්කළේ  ලකුණු 28 ක් පමණි.

පිළිතුරු දකුණු අප්‍රිකානු ඉනිම වෙනුවෙන්, නායක ෆෆ් ඩු ප්ලෙසිස්, හෂීම් අම්ලා හා ටෙවුම් බවුමා අර්ධ ශතක රැස්කළ අතර පන්දුවෙන් දක්ෂතා දැක්වීමට ධනංජය ද සිල්වා හා වනිදු හසරංග සමත්විය.

ධනංජය ලකුණු 9 ට කඩුලු දෙකක් දවා ගත් අතර, වනිඳු හසරංග ලකුණු 72 ක් ලබා දෙමින් කඩුලු 3 ක් දවා ගත්තේය.

ලසිත් ඇඹුල් දෙනිය ලකුණු 83 ට දවා ගත්  කඩුලු සංඛ්‍යාව 2 ක්.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙහිදී පන්දු යවන්නන් 8 දෙනෙකු යොදා ගැනීමට විශේෂත්වයක් විය.

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් තරගය ලබන 12 වැනි දා ගාල්ලේ දී ආරම්භ වේ.

© Island Cricket

Leave a Comment