in

දික්වැල්ල හා දසුන් ශානක කැරිබියාන් ප්‍රිමියර් 20/20 ට තේරෙයි

දික්වැල්ල හා දසුන් ශානක කැරිබියාන් ප්‍රිමියර් 20/20 ට තේරෙයි

මාර්තු 3, 2018

Photo

බටහිර ඉන්දිය කොදෙව් හී දී පැවැත්වෙන කැරිබියන් ප්‍රිමියර් ලීග් පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියට මෙවර ශ්‍රී ලංකාවෙන් තෝරාගෙන ඇත්තේ දෙදෙනෙකු පමණක් වීම විශේෂත්වයක් වේ.

ඒ මෙවර ශ්‍රී ලංකාවේ දී ද පන්දුවාර 20/20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක් පැවැත්විමට නියමිත වීම හේතුවෙන් විය හැක.

නිරෝෂන් දික්වැල්ල හා දසුන් ශානක මෙවර කැරිබියන් තරගාවලියේ දී ශාන්ත ලුසියා කණ්ඩායම වෙනුවෙන් තෝරාගෙන තිබේ.

නිරෝෂන් දික්වැල්ලට මෙවර තරගාවලිය සඳහා ඇ.ඩො. 15000 ක් සහ දසුන් ශානකට ඇ.ඩො. 5000 ක් ගෙවීමට නියමිත බව ද වාර්තා වේ.

අගෝස්තු මස 6 වැනිදා සිට මෙම තරගාවලිය ආරම්භ වීමට නියමිත වුව ද, මෙරට පැවැත්වෙන "ලංකා ප්‍රිමියර් ලීග්" තරගාවලිය ද එම කාල පරාසයේ දීම පැවැත්වීම හේතුවෙන්, දික්වැල්ලට හා දසුන්ට එම තරගාවලිය අහිමිවනු ඇත.

© Island Cricket

Leave a Comment