ජනවාරි 2, 2018
හිටපු ටෙස්ට් නායක හා හිටපු ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරියගේ දණහිසක ආබාදයකට ලක්ව තිබේ.
ඒ අනුව ඔහු ශල්‍යකර්මයකට මුහුණදීමට නියමිත අතර, එම සැත්කමෙන් පසුව මාසයක පමණ කාලයක් ප්‍රතිකාර ගත යුතුව ඇතැයි වාර්තා වේ.
ජයසූරිය එම ශල්‍යකර්මය ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී සිදුකිරීමට නියමිත අතර, ඔහු අද ඒ සඳහා පිටත්ව යෑමට නියමිතය.
තේරීම් කමිටු සභාපතිධුරයෙන් ඉල්ලා අස්වූ ජයසූරිය, ඉන් අනතුරුව ක්‍රිකට් ක්ෂේත්රයේ දැකගත නොහැකි වූයේ මේ අසාද්‍ය තත්ත්වය හේතුවෙන් බව ද පැවසේ.
© Island Cricket