අප්‍රේල් 25, 2018
ශ්‍රී ලංකා දඟ පන්දුයවන්නන්ට පුහුණු කඳවුරක් පැවැත්වීම සඳහා ඔස්ට්‍රේලියානු ජාතික පුහුණුකරුවෙකු වන පීටර් ස්ලීප් කැඳවීමට පියවර ගෙන තිබේ.
හැට හැවිරිදි ස්ලීප් මේ මස අවසානයේ දී පැවැතීමට නියමිත බව වාර්තා වේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් දඟ පන්දු යවන්නන්ගෙන් ඉහළ දායකත්වයක් නොලැබීම හේතුවෙන් මෙවැනි කඳවුරක් පවත්වන බව ද වාර්තා වේ.
මෙහිදී පාදඟ පන්දු යවන්නන් හා වැලමිට ආධාරයෙන් (wrist) දඟ පන්දුයවන්නන්ගෙන් ජාත්‍යන්තර තරග වලදී ලබා ගත හැකි දායකත්වය සම්බන්ධයෙන් වැඩි අවධානයකින් ක්‍රියා කිරීමට නියමිතය.
පසුගිය වසර තුළ ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරග වලදී දැඩි පසුබෑමකට ලක්වීම ට පන්දුයවන්නන්ගෙන් ලැබුණු අඩු දායකත්වය ද මෙවැනි විශේෂ පුහුණු වැඩමුලුවක් පැවැත්වීමට ඉවහල්ව තිබේ.
දක්ෂ පළමු පෙළ ක්‍රීඩකයෙකු වන ස්ලීප් ටෙස්ට් තරග 11 ක් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩා කර තිබේ.
© Island Cricket