in

දකුණු අප්‍රිකාව ජූලි මස මෙරටට පැමිණෙයි

දකුණු අප්‍රිකාව ජූලි මස මෙරටට පැමිණෙයි

අප්‍රේල් 4, 2018

Photo

දකුණු අප්‍රිකානු කණ්ඩායම ජූලි මසදී මෙරටට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදයක් නිකුත් කරමින් පවසයි.

එහිදී ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග 5 ක් හා එක් පන්දුවාර 20/20 තරගයකට සහභාගීවීමට නියමිතවේ.

ජූලි මස 12 වැනි දායින් ආරම්භ වෙන තරගාවලියේ ටෙස්ට් තරග දෙක ගාල්ල හා කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණවලදී පැවැත්වෙනු ඇත.

එක්දින තරග පහෙන්, පළමු තරග දෙක රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාගණයේ දී පැවැත්වෙන අතර, පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී තරග දෙකක් හා කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී පස්වැනි තරගයද පැවැත්වීමට නියමිතය.

පන්දුවාර 20/20 තරගය ද පැවැත්වීමට නියමිත වන්නේ කොළඹදීය.

තරග සටහන

පළමු ටෙස්ට් තරගය – ජූලි 12
දෙවැනි ටෙස්ට් තරගය – ජූලි 20
පළමු එක්දින තරගය – ජූලි 29
දෙවැනි එක්දින තරගය – අගෝස්තු 1
තුන්වැනි එක්දින තරගය – අගෝස්තු 5
සිව්වැනි එක්දින තරගය – අගෝස්තු 8
පස්වැනි එක්දින තරගය – අගෝස්තු 12
පන්දුවාර 20/20 තරගය – අගෝස්තු 14

© Island Cricket

Leave a Comment