in

දකුණු අප්‍රිකාවට එරෙහි පුහුණු තරගයේ තේරීම් මත බේදයට

squadslvsa-min.png

ජූලි 5, 2018

Sri Lanka Cricket

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට පෙර පැවැත්වෙන දෙදින පුහුණු තරගයට කණ්ඩායම තෝරාගැනීමේ දී මතබේදාත්මක තේරීම් කිහිපයක් සිදුව ඇති බවට වාර්තා වේ.

මේවනවිට බංග්ලාදේශ ඒ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන සිව්දින ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ක්‍රීඩකයන් ද ඉහත කණ්ඩායමට නම් කරමින් කණ්ඩායමක් ඉදිරිපත් කිරිම මත බේදයට ලක්විය.

බංග්ලාදේශ ඒ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවැනි තරගය හෙට (06) අවසන් වීමට නියමිතව තිබිය දී, මෙලෙස එම තරගාවලියට සහභාගීවන ක්‍රීඩකයන් අනිද්දා (07) වැනි දින පැවැත්වෙන තරගයට නම් කිරීමෙන්ම එය පසක්විය.

කෙසේ වෙතත් පළමු කණ්ඩායම තෝරා හෝරා කිහිපයක් යන්නට මත්තෙන් නැවත තවත් කණ්ඩායමක් නම් කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමට ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබිණ.

වාර්තාවන අන්දමට, තේරීම් කමිටුව සඳහන් කර ඇත්තේ පළමු කණ්ඩායම අත්වැරදීමකින් නිකුත් කළ කණ්ඩායමක් ලෙසයි.

පළමු කණ්ඩායමට ඇතුළත් වූ ක්‍රීඩකයන් වූ ශෙහාන් ජයසූරිය, නිසල තාරක, මලින්ද පුශ්පකුමාර සහ බිනුර ප්‍රනාන්දු, දෙවැනි කණ්ඩායමෙන් හැලී තිබිණ.

නිසල තාරක හා ශෙහාන් ජයසූරිය මෙන්ම මලින්ද පුෂ්පකුමාර ද ශ්‍රී ලංකා ඒ කණ්ඩායම නියෝජනය කරයි.

එසේම පළමු කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයන් වූ අශේන් බණ්ඩාර, නිපුන මාලිංග හා කමිඳු මෙන්ඩිස් අතරින් නව කණ්ඩායමට කිසිවෙකු තෝරා ගෙන නොමැත.

අතිරේක ක්‍රීඩකයන් ලෙස නම් කළ ක්‍රීඩකයන් යම් හෙයකින් ප්‍රධාන ක්‍රීඩකයෙකු නොමැති කළ කණ්ඩායමට අදේශ විය යුතු වුව ද, දෙවැනි වරට නිකුත් කළ කණ්ඩායම අතිරේක ක්‍රීඩකයෙකු ලෙස පමණක් අශේන් බණ්ඩාර ඇතුළත් වද්දී, සෙසු අතිරේක ක්‍රීඩකයන් ලෙස නම් කර ඇත්තේ විකුම් සංජය හා වනිඳු හසරංගයි.

නිපුන් මාලිංගට හා කමිඳු මෙන්ඩිස්ට අතිරේක ස්ථාන ද අහිමිවී ඇති අතර පළමු කණ්ඩායමේ සිටි බිනුර ප්‍රනාන්දුට කිසිදු ස්ථානයක් හිමිව නැත.

නව කණ්ඩායමට අලුතින් එක්කර ඇති ක්‍රීඩකයන් වන්නේ අවිශ්ක ප්‍රනාන්දු, කසුන් මධුශංක, ලිසිත් ඇඹුල්දෙණිය හා විමුක්ති පෙරේරායි.

ඔවුන් කිසිවෙකු පළමු කණ්ඩායමේ ස්ථාන නොලැබූ ක්‍රීඩකයන් වේ.

මින් හැඟී යන්නේ, තේරීම් කමිටුව සඳහන් කළ වරද සුළුපටු වරදක් නොවන බව නොවේ ද?

පුහුණු තරගයේ නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ට හිමිව ඇති අතර, සෙස්සන් වන්නේ ධනංජය ද සිල්වා, කෞෂාල් සිලා, රොෂේන් සිල්වා, ධනුශ්ක ගුණතිලක හා මිනෝද් භානුක යි.

ඔවුන් සියලු දෙනා පළමු හා දෙවැනි කණ්ඩායම්වල නම්කර සිටි ක්‍රීඩකයන්.

කොදෙව් සංචාරයේදී අසාර්ථක වූ රොෂේන් සිල්වාට හා ධනංජය ද සිල්වාට නැවත සුපුරුදු රිද්මයට පැමිණීමේ අවස්ථාවක් ලෙස මෙම තරගය ලබා දී ඇතුවාට සැක නැත. එසේම එම තරගාවලිය අතරතුර නැවත සිය රට පැමිණි මැතිව්ස්ට ද නැවත දක්ෂතා අතරට පැමිණීමට අවස්තාවක් ලබා දී තිබේ.

පමත දැක්වෙන්නේ පළමුව නිකුත් කළ කණ්ඩායම හා නැවත සංශෝදනය කළ කණ්ඩායමයි.

Squad

© Island Cricket

Leave a Comment