පෙබරවාරි 13, 2018
සිය ටෙස්ට් දිවියේ තුන්වැනි තරගයට සහභාගීවූ මැද පෙළ ක්‍රීඩක රොෂේන් සිල්වා ස්ථාන 29 ක් ඉදිරියට පැමිණෙමින් පළමු පිතිකරුවන් 50 අතරට පැමිණීමට සමත්විය.
ඒ අනුව ඔහු ටෙස්ට් පිතිකරුවන් අතර 49 වැනි ස්ථානයට පත්ව ඇත.
බංග්ලාදේශයට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ දී ලකුණු 56 හා 70 ක් ලබා ගත් ඔහුගේ විශේෂත්වය වන්නේ, සෙසු පිතිකරුවන් සියලුදෙනා අසාර්ථක වද්දී සැමට ඉදිරියෙන් පසුවෙමින් ලකුණු රැස්කිරීමට සමත්වීමයි.
ලකුණු 681 ක් තුළ කඩුලු 40 ක් දැවී ගිය අවස්ථාවක මෙසේ අර්ධ ශතක දෙකක් ඉනිම දෙකේදීම ලබා ගත් රොෂේන්ගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය සටහන් වන්නේ 103 ක් ලෙසයි.
මේ අතර, ටෙස්ට් පිතිකරුවන් අතර, 12 වැනි ස්ථානය දිනේශ් චන්දිමාල්ට හිමිව තිබෙන අතර කුසල් මෙන්ඩිස් 21 වැනි ස්ථානයේ පසුවෙයි.
© Island Cricket