මාර්තු 12, 2018
නිදහස් කුසලාන 20/20 ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයේදී නියමිත පන්දුවාර ප්‍රමාණය නියමිත කාලය තුළ යොමු නොකිරීම හේතුවෙන් දිනේශ් චන්දිමාල්ට තරග දෙකක තහනමක් පණවා තිබේ.
අද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එය නිළ වශයෙන් ප්‍රකාශයට පත් කළේය.
ඒ අනුව දිනේශ් චන්දිමාල්ට ඉදිරි තරග දෙක තහනම් වනු ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනයක් මගින් ප්‍රකාශ කළේ ඉදිරි තරග දෙකේ නායකත්වය තිසර පෙරේරා හට ලබා දිමට තීරණය කර ඇති බවය.
ඒ අනුව හෙට ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරගයේ නායකයා ලෙස තිසර කටයුතු කරනු ඇත.
© Island Cricket