in

තරග පාවාදීම් සම්බන්ධ වීඩියෝවේ සිටින අයවලුන්ගේ සේවය අත් හිටුවයි

තරග පාවාදීම් සම්බන්ධ වීඩියෝවේ සිටින අයවලුන්ගේ සේවය අත් හිටුවයි

මැයි 28, 2018

මූල්‍ය ලාභ මත තරග පාවාදීම් සිදුකළ බවට අල් ජසීරා පුවත් සේවය මගින් නිකුත් කළ වීඩියෝවට සම්බන්ධ මෙරට ක්‍රිකට් හා සම්බන්ධ පිරිසගේ සේවය අත් හිටවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබේ.

ඒ අනුව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය භාරව කටයුතු කළ සහකාර කලමණාකරු තරංග ඉන්දික හා දිස්ත්‍රික් පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන හිටපු පළමු පෙළ ක්‍රීඩක තරිඳු මෙන්ඩිස් ද ඇතුළත් වනු ඇත.

එසේම එම වීඩියෝවට අදාලව තවත් හිටපු ක්‍රීඩකයන් දෙදෙනෙකුගේ සහභාගීත්වයද දැකිය හැක.

හිටපු ජාතික ක්‍රීඩක ජීවන්ත කුලතුංග හා දිල්හාර ලොකු හෙට්ටිගේද මෙම වීඩියෝවේ සිය අදහස් පළ කරමින් සිටියි.

ඉහත සිදුවීමට අදාලව අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරිමට මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් සිදුකරන විමර්ෂණ සඳහා සහයෝගය දීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

එසේම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින්ද ත්‍රිපුද්ගල කමිටුවක් ඔස්සේ පරීක්ෂණයක් සිදුකිරීමට අවධානය යොමුව ඇත.

එම පරීක්ෂණය දින තුනක් තුළ සිදුකර වාර්තාවක් සකස් කිරීමට නියමිත වේ.

© Island Cricket

Leave a Comment