චන්දිමාල්, හතරුසිංහ හා ගුරුසිංහට ටෙස්ට් තරග දෙකක් හා එක්දින තරග 4 ක් තහනම් වෙයි

srilankacricket-compressor.jpg

ජූලි 18, 2018

Sri Lanka Cricket

ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට හා ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහට මෙන්ම කණ්ඩායම් කළමනාකරු ලෙස කටුයුතු කළ අසංක ගුරුසිංහට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් ද පනවා ඇත.

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ දී, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පිටියට පිවිසීම ප්‍රතික්ෂේප කිරීම මීට හේතුවී තිබේ.

ඉන් ක්‍රීඩාවේ ජීව ගුණයට හානි සිදව ඇති බවට තහවුරු වීම හා එම වරද ශ්‍රී ලංකා කණ්ඩායම විසින් පිළිගැනීම හේතුවෙන් මෙම තහනමට ලක්ව තිබේ.

මෙම තහනමට අනුව ටෙස්ට් තරග දෙකක් හා එක්දින තරග 4 ක තහනමක් මොවුනට හිමිවේ.
 
මේ හේතුවෙන්, මේ දිනවල දකුණු අප්‍රිකාව එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට අමතරව එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග 4 ක් ද ඔවුන් තිදෙනාට අහිමි වනු ඇති.

© Island Cricket

Leave a Comment