ජූනි 20, 2018
බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙ දෙවැනි දිනයේ දී පන්දුවේ ස්වභාවය වෙනස් කළ බවට වූ චෝදනාවට දිනේශ් චන්දිමාල් වරදකරු බවට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසයි.
මාධ්‍ය නිවේදනයක් මගින් ප්‍රකාශ කරන්නේ, ඉහත චෝදනාවට අදාළව කළ කරුණු විමසීමේදී චන්දිමාල් පන්දුවේ ස්භාවය වෙනස් කළ බවට තහවුරු වී ඇති බවයි.
ඒ අනුව චන්දිමාලට එක් ටෙස්ට් තරගයක තහනමක් හා තරග ගාස්තුවෙන් 100% ක දඩයක්ද නියම කර තිබේ.
තරග තීරකවරයා ලෙස කටයුතු කළ ජවගල් ශ්‍රීනාත් ප්‍රකාශ කර ඇත්තේ, රූපවාහිනී පුනරූපන නිරීක්ෂණය කිරීමේදී චන්දිමාල් විසින් මුවගේ යොමා තිබෙන කිසියක් ස්‍රාවයක් පන්දුවේ ආලේප කරන බව දැකගත හැකි බවයි.
එම අවස්ථාවේ ආහාරයට ගත් දෑ සම්බන්ධයෙන් චන්දිමාල් පැහැදිලි පිලිතුරක් ලබා නොදුන් බව ද ශ්‍රීනාත් සඳහන් කර තිබේ.
අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිළධාරී ඩේවිඩ් රිචඩ්සන් ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, තරග තීරක ඇතුළු විනිසුරුවරුන්ගේ තීරණයට සම්පූර්ණ සහයෝගය දක්වන බවයි.
මේ අනුව චන්දිමාල්ට කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇත.
මේ අතර, දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනයේ දී ක්‍රීඩාංගණයට පැමිණීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් නායක චන්දිමාල් , ශ්‍රී ලංකා කණ්ඩායම් පුහුණූකරු චන්දික හතුරුසිංහට හා කළමණාකරු අසංක ගුරුසිංහට ද චෝදනා ගොනු කර තිබේ.
ක්‍රීඩාවේ ජීව ගුණයට හානිකරමින් තරගයක් පවත්වාගෙන යාම ප්‍රතික්ෂේප කිරිම ඔවුන්ට නගා ඇති චෝදනාවයි.
ඔවුන් එම චෝදනාව ප්‍රතික්ෂේප කරනු ලැබුවහොත් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් පත් කරන විශේෂ විනිසුරුවරයෙකු ඉදිරියේ කරුණු විමසනු ඇත.
© Island Cricket