in

කෝඩුකාර ශෙහාන් මධුශංකට මගල තරගයේ දී කඩුලු ත්‍රිත්වයක්

t54h461147.png

ජනවාරි 27, 2018

Photo

බංග්ලාදේශයේ දී පැවති තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ දී විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ඒ සත්කාරක බංග්ලාදේශය අවසන් තරගයේ දී ලකුණු 79 කින් පරාජය කරමිනි.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ නවක වේගපන්දුයවන ක්‍රීඩක ශෙහාන් මධුශංකගේ විශිෂ්ඨ පන්දු යැවීමක් දැකගත හැකි විය.

මංගල ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ මධුශංක බංග්ලාදේශ පිළේ අවසන් කඩුලු ත්‍රිත්වය දවාගත්තේ වාර්තා අතරට ද එක්වෙමිනි.

මෙතෙක් ඉතිහාසයේ මංගල එක්දින තරගයක දී කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළ සිව්වැනි ක්‍රීඩකයා ලෙස මධුශංක වාර්තා අතරට එක්විය.

ඔහුගේ ගොදුරු බවට පත්වූයේ, මශ්රෆී මොර්ටාසා, රොබෙල් හුසේන් හා මොහොමඩ් මහමදුල්ලාවේ.

© Island Cricket

Leave a Comment